ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ



ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය (ලෝක්සභා මැතිවරණය) අද (11) උදෑසන ආරම්භ විය.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙන්, අදියර 7 ක් යටතේ මැයි 19 වැනිදා තෙක් මැතිවරණය පැවැත්වෙයි. ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවනු ඇත්තේ මැයි 23 වැනිදාය.

ඉන්දියාවේ ප්‍රාන්ත 20 ක් පුරා ධන්ද කොට්ඨාශ 91 ක ඡන්ද පැවැත්වෙන අතර ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටින ගණන මිලියන 900 කට ආසන්න යැයි පැවැසෙයි.

ඉන්දියාවේ පැවැත්වෙන විශාලම මැතිවරණය පමණක් නොව, ලෝකයේ පැවැත්වෙන විශාලතම මැතිවරණය වන්නේ ද මෙයයි.

2014 වසරේ දී අතිවිශිෂ්ඨ බහුතර බලයකින් බලයට පත් වුණු අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය යළි බලයට ඒමට සූදානමින් සිටී. ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාව බව භාරතීය ජනතා පක්ෂයේ සටන් පාඨය වී ඇත.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS