ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට



අදියර 7 ක් යටතේ, සති 7 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ (ලෝක්සභා මැතිවරණය) ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම හෙට (23) සිදුවෙයි.

මැතිවරණය පැවැත්වූයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම වෙනුවෙනි.

අප්‍රේල් 11 වැනිදා ආරම්භ වූ මැතිවරණය අවසන් වූයේ පසුගිය 19 වැනිදාය. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ලෙස ඉන්දීය ලෝක් සභා මැතිවරණය සැලකෙයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 20 ක් පුරා ඡන්ද කොට්ඨාශ 91 ක ඡන්ද පැවැත්වුණු අතර ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටින ගණන මිලියන 900 කට ආසන්නය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කර ඇත.

මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූයේ 2014 පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් හිමිකර ගැනීමෙනි. ඒ, බලයේ සිටි කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ප්‍රබල අයුරින් පරාජය කරමිනි. 2014 දී භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් දිනා ගත්තේය. වසර 30 කට පසු ඉන්දියාවේ දේශපාලන පක්ෂයක් දිනූ විශාලතම ආසන සංඛ්‍යාව මෙය විය. එදා කොංග්‍රස් පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 44 ක් පමණි. එය කොංග්‍රස් පක්ෂය ලැබූ ප්‍රබලතම පරාජය විය. ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාfවේ ආසන 543කි. බහුතර බලය සඳහා ආසන 272ක් දිනා ගැනීම කළ යුතුය.

කෙසේ නමුත්  මම ලෝක් සභා මැතිවරණය සම්බන්ධයෙන්, ඉන්දීය දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, 2014 වසරේ දී මෙන් නොව, මෙවර භාරතීය ජනතා පක්ෂයට රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය ඇතුඵු විපක්ෂ සන්ධානයෙන් අභියෝගයක් එල්ල වනු ඇති බවය.
භාරතීය ජනතා පක්ෂයට නිසැකව ජය හිමි වනු ඇති නමුත්, 2014 මෙන් ඉතා ඉහළ ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් අතිවිශිෂ්ට ජයක් හිමිවීම සැක සහිත බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී/රොයිටර්ස්)


RECOMMEND POSTS