ඉන්දියාව 73 වැනි නිදහස සමරයි



ඉන්දියාව 73 වැනි නිදහස් දිනය සැමරුවේය. සුපුරුදු පරිදි ප්‍රධාන නිදහස් දින සැමරුම පැවැත්වූයේ නවදිල්ලියේ රතු බලකොටුව කේන්ද්‍රකොට ගනිමිනි.

නවද්ලිලි අගනුවර නිදහස් දින සැමරුම අද උදෑසන ඉන්දියාවේ වේලාවෙන් 7.30 ට ආරම්භ විය. ඉන්දීය ත්‍රිවිධ හමුදාවේ බලය පෙන්වන හමුදා සංදර්ශනවලින් එම සැමරුම අලංකාර විය.

සැමරුම් උළෙල නිමිත්තෙන් අද අලුයම් කාලයේ සිට දහවල් වනතුරු නවදිල්ලි අගනුවරට ඉහළින් ඉන්දීය ගුවන් සීමාව වසා දැමුණි. මාර්ග වසා දමා ගමනාගමන කටයුතු සීමා කෙරුණි. නවදිල්ලි ගුවන්තොටුපොළේ ගුවන්ගමන් පවා සීමා කෙරුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

රතු බළකොටුව ආශ්‍රිත ගොඩනැගිලිවල ස්නයිපර් තුවක්කුකරුවන් රඳවා තැබුණු අතර, ගුවන් යානා සහ මිසයිල නාශක අවි සීරුවෙන් තබා තිබුණි. ගුවනින් සතුරු ප්‍රහාරයක් එල්ල වුවහොත්, ඊට මුහුණ දීමට ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක මිග් යානා සීරුවෙන් තැබුණි.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS