ඉන්දියාව ඉතාලිය පසු කරයි



‘කොවිඞ් 19’ ආසාදිතයන් අතින් ඉන්දියාව මේ වනවිට ලොව සය වැනි ස්ථානයේ පසුවන්නේ, ඉතාලිය පසු කිරීමෙන් පසුවය.

ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත්තේ මේ වනවිට ආසාදිතයන් 2,36,600 පසු කර ඇති බවය. ඒ, පසුගිය දින කීපයේ නව ආසාදිතයන් 9,887 ක් හමුවීමත් සමඟය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය චීනයෙන් ආරම්භ වූයේ පසුගිය දෙසැම්බරයේය. චීනයෙන් පසු වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතය් සහ මරණ වාර්තා වීමට පටන් ගත්තේ යුරෝපයට අයත් ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS