ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටේ



දකුණු ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් ගැටීමෙන් 10 දෙනෙක් තුවාල ලැබූහ. දුම්රිය ගැටුම සිදුවූයේ දකුණු තෙලංගනාවේ හයිද්‍රාබාද්හිදීය.

අනතුරට හේතුව සංඥා දෝෂයක් බව පැවැසෙයි. මගීන් සමඟ ධාවනය වූ කචේගුඩා දුම්රිය, එම දුම්රිය ගමන් කරන්න වූ මාර්ගයේ නවතා තිබූ සීග්‍රඝාමී දුම්රියක හැපී අනතුර සිදුවිය.

ගැටීමෙන් පසු දුම්රිය මැදිරි කීපයක් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන්නේය. ඒවා යථා තත්ත්වයට පත් කරමින් දුම්රිය ගමන් යළි ආරම්භ කිරීමට හැකිවුණු බව ඉන්දීය දුම්රිය බලධාරීහු පවසති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS