අවසන් විවාදය උණුසුම් වෙයි



බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ලබන 12 වැනිදා පැවැත්වෙන අතර, මැතිවරණයට පෙර අගමැති බොරිස් ජොන්සන් සහ විපක්ෂ නායක ජෙරමි කෝර්බින් සහභාගී වූ අවසන් රූපවාහිනී විවාදය ඊයේ (6) පැවැත්විණි.

ජොන්සන් නියෝජනය කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කෝර්බින් නියෝජනය කරන්නේ විපක්ෂය වන කම්කරු පක්ෂයයි. අවසන් විවාදය ඉතා උණුසුම් ස්වරූපයක් ගත්තේ මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් මුල්කොට ගනිමිනි.

බ්‍රිතාන්‍යය හදිසි මැතිවරණයකට යන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බැවිනි. මැතිවරණයක් පවත්වනවා හැර වෙන විකල්පයක් නැතැයි අගමැති ජොන්සන් පෙන්වා දී තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS