අයෝධ්‍යා දෙවොලට මුල්ගල තැබීම හෙට



ඉන්දියාවේ ආයෝධ්‍යා නුවර, ‘රාම් මන්දිර්’ නමැති හින්දු කෝවිලට මුල්ගල තැබීමේ විශේෂ උත්සවය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් හෙට (5) පැවැත්වීමට නියමිතය.

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, මුල් ගල තැබීමේ ‘භූමි පූජන්’ උත්සවයට බැතිමතුන් සම්බන්ධ කර නොගැනීමට කල් තියා තීරණය තිබුණි. උත්සවයට සහභාගී වෙන්නැයි තෝරාගත් සීමිත පිරිසකට පමණක් ඇරයුම් කර තිබේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS