සවුදි අරාබියේ කාන්තා නිදහස



 
“නිදහස සඳහා කළ යුතුව තිබෙන ගෙවීම නම් වගකීමෙන් යුක්තවීමයි.” 
ඊඩිත් හැමිල්ටන් (1867-1963)
ඇමෙරිකානු අධ්‍යාපන විශේෂඥවරිය
 
 
සවුදි අරාබියේ කාන්තාවකට රිය පැදවීමේ නිදහස ලැබිනැයි කියන පුවත සැප්තැම්බර් මස විසිහයවනදා ප්‍රකාශයට පත් වූවිට එය ලොව පුරාම ශීඝ්‍ර මෝටෝ රථයකටත් වඩා බොහෝ වේගයෙන් විහිද පැතිර ගියේය.
 
මෙයට හේතුව එය සමාජ විකාශනයක් පිළිබඳ ප්‍රශ්නයක් මිස දේශපාලන හෝ සෙසු පක්ෂවාදී හෝ සංකල්පයක් නොවන බව ජගත් මට්ටමේ බහුතරයක් විසින් පිළිගැනීමයි.
 
 මේ නියෝගය නිල වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ සවුදි අරාබියේ සල්මන් රජු විසිනි. මේ නීතිය ක්‍රියාවේ යෙදෙන්නේ 2018 ජූනි මාසයේ පටන්ය.
 
 මෙහි ඓතිහාසික පක්ෂය මෙසේය.
 
 කාන්තාවනට රිය පදවන්නට අවසර නොදෙන ලෝකයේ දේශය සවුදි අරාබියයි.
 
 මේ ඓතිහාසික සිද්ධියෙහි අතිශය විශ්මය උපදවන පක්ෂ කිහිපයක් ඇත්තේය.
 
 සවුදි අරාබිය, අද ලෝකයේ අමු ඛනිජ තෙල් නිෂ්පාදනයෙන් අංක එකේ රාජ්‍යයයි. ඒ දේශය විසින් තෙල්වලින් උපයනු ලබන ධනස්කන්ධය හේතුකොටගෙන ඒ  රාජ්‍යයේ පුරවැසියන්ට අතිශය  සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගතකළ හැකිවේ. 
 
එසේ වුවද ඒ දේශයේ කාන්තාවනට ඒ රාජ්‍යයේ ව්‍යවහාරවෙන ෂරියා ආචාර ධර්ම පද්ධතිය නිසා විවිධ සීමා පැණවෙයි.
 
එහි කාන්තාවන්ගෙන් බහුතරයක් අතිශය ඉසුරුමත්  හෙයින් ඔවුන්ට පැරිසිය, නිව්යෝර්ක්, ලන්ඩන් ආදී ඕනැම තැනකින් ඉතාම  විචිත්‍ර, අතිශයින්ම වටිනා ඇඳුම් පැළඳුම් ලබාගත හැකි වේ.
 
 එහෙත් මෙහිදී ප්‍රශ්නයක් පැන නගී.
 
 කොපමණ අගනා, කොපමණ නවීණ ඇඳුම්, පැළඳුම් ඇඟලා ගත්තද ගමනක් යන විට ගෙයි පිටතට යන විට ෂරියා  ධර්මානුකූලව, ඒ සියල්ල වසා කළු මොට්ටැක්කිළිය පැළදිය යුතුවේ. “අබායා” නම් වූ ඒ මොට්ටැක්කිළියෙන් දෙපා දෑත් ආදී සිරුරු පෙදෙස් වැසුනද මුහුණ ආවරණය නොවේ. ඇතැම් විටෙක මූනෙත් ඇස් දෙක පමණක් නොවැසී අන් පැති ආවරණය වන සේ “නිකාබ්” නම් ආවරණයක්ද පැළදිය යුතුවේ.
 
මානුෂික හැඟීමෙන් යුතුව මේ ගැන සිතන කෙනෙකුට හැඟෙන ඇත්තේ එසේ “අබායා “නිකාබ්” ආවරණයන්ගෙන් වැසී සිටින කාන්තාවන්ගේ  අධ්‍යාත්මයට කොපමණ අසහනයක් දැනෙනු ඇද්ද කියායි.
 
ඉරානයට විරුද්ධව ඇමෙරිකාව ප්‍රමුඛ රාජ්‍ය යුද්ධ ප්‍රකාශ කළ විට කාන්තා හමුදාවෝත් ඒ යුද්ධයට සහභාගි වන්නට මැද පෙරදිගට ආහ. ඔවුන්ගෙන් ඇතැමුන්ට නිවාස සැපයූයේ සවුදි අරාබියේයි. ඒ කාන්තා යුද පිරිස්, ඇතැම් විට ඉතාම නිදැල්ලේ ඇඳුම් ලාගෙන සිටිනු සමහර අවස්ථාවලදී නීතියට අනුව වෙසෙන සවුදි කාන්තාවනටද පෙණුනේය. ඒ බැහැරින් ආ කාන්තාවනට එතරම් නිදහස තිබේ නම් අපට රියක් පදවන්නටවත් ඉඩ තිබිය යුතු යැයි සිතාගෙන රථයක් පදවමින් මහා මාර්ගයට එළඹුණු සවුදි අරාබි රියැදුරු  කාන්තාවන් ෂාරියා භටයන් විසින් ග්‍රහණය කරගන්නා ලදි. එවැනි ඇතැම් සවුදි අරාබි කාන්තාවනට දඩ ගැසීම්, පහරට ලක්වීම පමණක් නොව බන්ධනාගාරගතවීම්ද ඉවසා ගන්නට සිදුවූයේය.
 
එවැනි සීමා ඉවත්කොට සවුදි අරාබි කාන්තාවනට නිදහස දීමේ ප්‍රතිපත්තියට මුල පුරන ලද්දේ වර්තමාන කිරුළ හිමි කුමරු වන මොහමඞ් බින් සල්මන් බින් අබ්දුල් අසීස් අල් සවුද් රාජකීයයා විසිනි.
 
වර්තමාන සවුදි රජුවන අසූ එක් හැවිරිදි  සල්මන් නිරිඳුන් ගෙන් පසුව සවුදි සිහසුනට පත්වන මොහමඞ් බින් සල්මන් කුමරු, සවුදි අරාබියේ  ආරක්ෂක ඇමැතිවරයාත් වේ. 1981 අගෝස්තු තිස්එක්වන දා උපත  ලද තිස් දෙහැවිරිදි සල්මන් කුමරු අද ලෝකයේ  ඉතාම ලාබාල ආරක්ෂක අමාත්‍යවරයාය.
 
 පෙට්‍රල් සමෘද්ධියෙන් ඔබ්බේ සවුදි අරාබියේ අනාගතය  දෙස බලමින් පාලන තන්ත්‍රය සකස් කරන මොහමඞ් බින් සල්මන් කුමරු වෘත්තීය නැඹුරුව සහිත සවුදි අරාබියක් පිළිබඳව ඉතා පැහැදිලි ලෙස සැලසුම් සපයන්නේය.
 එවැනි සැලසුමකදී කිරුළ හිමි කුමරු කාන්තාවන් සවුදි අරාබියේ ප්‍රබල ශ්‍රමදායක හමුදාවක් වශයෙන් හැඩගස්වන්නට ඉතා දැඩි ලෙස කැපවී සිටී.
 
 කාන්තාවන්ට රියපැදවීමේ නිදහස දීම ඒ ප්‍රගතිශීලී ප්‍රතිපත්තියේ මුල් පියවරකි.
 
මෙයට පෙර ඇතැම් සමයයන්හිදී රිය පැදවීමේ ආශාව සහිත ඇතැම් සවුදි අරාබි කාන්තාවන් විසින් කරන ලද්දේ සිය ගෙවත්තේම, තමන් කැමැති මොටෝ රියක් පදවමින් රවුම් ගැසීමයි.
 
මේ රිය පැදවීමේ නිදහස හා සමග සවුදි අරාබි කාන්තාවනට තවත් කිහිප ආකාරයක නිදහස ලැබෙන්නේය.
 
තුන්කෝටි විසි ලක්ෂයක ජනගහණය සහිත වර්තමාන සවුදි අරාබියේ කාන්තාවනට අද තවත් නීති රීති පැණවේ. පුරුෂයෙකු නොමැතිව ඔවුන්ට සංචාරයේ යෙදෙන්නට බැරිය.
 
ඔවුන්ට පිරිමි නෑයෙකුගේ සහාය නැතිව බැංකු ගිණුමක් ආරම්භ කළ නොහේ. ඇතැම් විටෙක වෛද්‍ය සහාය ලබා ගැනීම් කාර්යවලදී පවා ඔවුහු පිරිමි නෑයෙක් හා සමග අවශ්‍ය තැන්වලට යායුතු වෙති.
 
 මෙසේ ඉතා ඉසුරුමත් සවුදි අරාබි කාන්තාවනට රිය පැදීමේ නිදහස ලැබීම නිසා ඉතා පෘථුල වාණිජ ක්‍රියාදාමයක්ද, වහාම ක්‍රියාවේ යෙදෙන්නට පටන්ගෙන ඇත්තේය.
 
 මේ අලුතින් රිය පදවන අයිතිය ලබන කාන්තාවන් උදෙසා සිය මොටෝ රිය වර්ග අළෙවි කරන්නට මෝටර් රථ නිෂ්පාදක ව්‍යාපාරිකයෝ යුහුසුළු වෙති.
 
 දැනටමත් ඔවුහු සිය නිෂ්පාදන සවුදි අරාබියෙහි ඉතා ප්‍රවීණ මට්ටමෙන් ප්‍රචාරය කරන්නට පියවර ගෙන සිටිති.
මෙය සවුදි අරාබියේ බොහෝ කාන්තාවනට සහනයකි.
 
 සවුදි අරාබියේ කාන්තාවන් අතුරින් බොහෝ දෙනා ඉතා උසස් අධ්‍යාපනයක් ලබා සිටිති. ව්‍යාපාරික සංවිධායකයන්හි, ශාස්ත්‍රීය ආයතනවල ආචාර්ය පදවිවල විද්‍යාව තාක්ෂණය ආශ්‍රිත සංවිධානයන් හි ඔවුහු නිරත වී සිටිති.
 
 එසේ වුවද රිය පැදවීමේ නිදහස නැතිකම ඔවුනට බාධාවකි. ඔවුන් විසින් වැටුප් ලබන රියදුරන් පත්කොටගත යුතු වේ. හදිසි ගමනක බිමනක තනිව චාරිකාවේ යෙදිය නොහැකිය. ඒ නිසා රිය පැදවීමේ නිදහස සවුදි අරාබි කාන්තාවන්ගේ පූර්ණ සාමාජ මෙහෙයට අරණෝදයකැයි සමාජ විද්‍ය්‍යාඥයන්ට පෙනෙනු ඇත.
 
 මෙහි තවත් පැත්තක් වෙයි. දියුණු රාජ්‍යවල කාන්තාවෝ, පුරුෂාධිපත්‍යයට පටහැණිව, කාන්තා විමුක්ති ව්‍යාපාර ආරම්භ කළේ 1960 දශකයේදීය. ඒ කාලයේ කාන්තාවෝ සුළි  සුළංවලට කාන්තාවන්ගේ නම යෙදීමට පවා විරුද්ධ වූහ.
 
චෙයාමන් (සභාපති) ආදී තැන්වල පුරාෂාධිපත්‍යය දැකිය හැකි වන්නට ඉඩ තිබෙන නිසා “චෙයාපර්සන් යැයි ඒ පදය වෙනස් කරවන ලදී. පුරුෂයාගේ විවාහක, අවිවාහක බව නොතකා කාටත ඵඍ යැයි කියනු ලැබෙතත්,  කාන්තාවන් ඵෂී හා ඵඍී වශයෙන්  විවාහක අවිවාහක බව දක්වන පදවලින් හැඳින්වීමට විරුද්ධ වූ ඒ කාන්තාවෝ හැම ලලනාවක්ම වී යැයි හඳුන්වන්නට බලය ලබාගත්හ.
 
එවැනි කතා බහ තිබියදී  නියම කාන්තා නිදහස ප්‍රායෝගික වශයෙන් ප්‍රකාශ කරන ලද්දේ ලොව ප්‍රථම අගමැතිනිය පත්කොට ගන්නා ලද ශ්‍රී ලංකාව විසිනි.
 
 ශ්‍රී ලංකාවේ අපි කාන්තා නිදහසෙන් බොහෝ ප්‍රගති ශීලි ලෙස ඉහළට ගමන් කොට සිටින්නෙමු. “කාව්‍යශේඛර” යේදී රාහුල හිමියෝ බමුණෙකු විවාහවන සිය දියණියට දුන් අවවාද මෙහිදී සලකා බලනු වටී,
 
 “හිමි ගමනක් ගොසින්
 ගෙට ආ කලට සතොසින්
නො අණවා දාසින්
නුඹම පය සෝදවන් වෙසෙසින්
ඒ එදා අද කෙසේද?

 

ලෝකයේ පැරැණි පොත්පත් 

 සම්භාව්‍ය සිංහල සාහිත්‍යයෙහි ප්‍රබලතම ගද්‍ය නිර්මාණ අතුරෙහි මුල්තැනක් ගන්නා “පූජාවලිය” ලියැවුනේ මෙයට අවුරුදු 750 කට පමණ පෙරදියි. එහි කෘතීන්වහන්සේ මයුරපාද පරිවේණාධිපතිව වැඩ සිටි “බුද්ධ පුත්‍ර හිමිපානෝයි. එතුමන් වහන්සේ මෙම සාර ග්‍රන්ථය කළේ හුදෙක් “අරහං” යන පදය පමණක් විවරණය කරනු පිණිසයි. ග්‍රන්තකාර මාහිමියෝම සිය අරමුණ මෙසේ පවසන සේක. ඒ මෙසේය.


 “නව අරහාදී බුදුගුණයෙහි පළමුවන “අරහං” යන අකුරු තුනෙන් කීවා වූ අර්හත් ගුණය ගෙන “පූජාවලී” නම් ධර්ම ව්‍යාඛ්‍යාන කථාවකින් අප මහා ගෞතම බුදුන්ගේ ගුණෛක  දේශයක් වර්ණනා කරම්හ.”


මෙය මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමිපාණන් විසින් කරන ලද ප්‍රථම ග්‍රන්ථය පූජාවලියයි. ග්‍රන්ථය කරන ලද්දේ දෙවන පැරකුම්බා රජුගේ රාජ්‍ය ප්‍රාප්තියෙන් තිස්වැනි වසින් පසුවය. සිය ග්‍රන්ථයෙහි විස්තරය මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමිපානෝම සිය ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කරති.


 “සූතිස් (34) පරිච්ජේදයකින් හා සුවිසි දහසක් පමණ ග්‍රන්ථ සංඛ්‍යාවෙකින් හා සයානු බණවරෙකින් හා සත්ලක්ෂ අටසැට දහසක් පමණ අක්ෂර සංඛ්‍යාවෙකින් හා අසංඛ්‍ය ගණන් පූජා නයින්ද පූජාවලිය උපලක්ෂිතය.”
පූජාවලි කාරක බුද්ධපුත්‍ර මාහිමියන් ගණන් බලා තිබෙන ආකාරය පරිගණක දියුණු තාක්ෂණික මෙවලම් භාවිතා කරන නවීනයන්ට පවා පුදුමු හිතෙන තරම්ය.


පූජාවලි මහා ග්‍රන්ථය සතු ශබ්ද මාධුර්ය සැදැහැවතුන්ගේ  සිත් පිණන සුළුය. මෙය එදා ලියැවෙන්නට ඇත්තේ හඬ නගා බණ පොත් කියවනු අසා සිටි උවැසි උවැසියන් තුළ ධර්මය පිළිබඳ ඉමහත් සතුටක් දැනවෙන පිණිස විය හැකිය.
 බුද්ධචරිතයත්, ඒ හා ආශ්‍රිත පරිවාර කතා සම්භාරයත් ලියා තබන ගමන්ම මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර මාහිමියෝ ලංකා ඉතිහාසය සිය ග්‍රන්ථයට ගෙන එන සේක. එතුමන්ගේ සමය වනතෙක් මහා වංශයෙහි හා චූලවංශයෙහි සඳහන් රජවරුන්ගේ නාම ලේඛනයක් සිය ග්‍රන්ථයට එක්කරන එතුමෝ ඉපැරණි ශ්‍රී ලංකා ඉතිහාසයෙහි ඇතැම් අංශ ලෙස විවරණාත්මකව සඳහන් කරන සේක. මහින්දාගමනය, පූජාවලි ග්‍රන්ථයෙහි විචිත්‍ර ලෙස සටහන් වන සාමයික සිද්ධියකි.


 අද යුගයෙහි මේ රටේ බොහෝ දෙනා අපට උරුම සම්භාව්‍ය සාහිත්‍යයෙන් වියෝවී සිටිති. ඒ හේතුකොට නවීනයන් බොහෝ දෙනෙකුට පූජාවලි ග්‍රන්ථය නුපුරුදු පෙදෙසෙකි. 


 මෙවැනි පසුබිමකදී පූජාවලිය දෙසට නවීණ ශ්‍රී ලංකාවේ ජනී ජනයා යොමු කිරීමක් උතුම් පින්කමකැයි මට සිතේ. මෙවැනි මහා සාහිත්‍ය උරුමයන්ට හිමිව සිටින ජන කණ්ඩායමක් ඒ බව නොදන සිටිති නම් එය අසාමන්‍ය අවාසනාවකි. මම කුඩා කාලයේ දහවැනි වියේදී පූජාවලි උද්ධෘත පාඨ, නම් පොතක් පාසල් පාඩම් සඳහා හදාළfමි. මා තුළ එදා පටන් පූජාවලිය කෙරේ පැවැති ගෞරව පෙරටු ආදරය නොබෝදා යළි උද්දීපනය වූයේ ගරුතර පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමියන්ගේ “පූජාවලි සංස්කරණය ලද විටයි. ඒ පූජාවලි සංස්කරණය “ශ්‍රී ලංකා” උරුමයක් වශයෙන් ජන සම්මානය ලද යුතු තරම් විචක්ෂණ කෘතියකි.


 

ඇමෙරිකා ඉතිහාසයේ  නපුරුම ඝාතකයා ස්ටීවන් පැඩක්

ඔක්තෝබර් පළමුවන ඉරිදා රෑ 10.08 ට ලාස්වේගාස්හි සිදුවූ කෘරතර ඝාතනය මුළු ලොවම කම්පා කළ සිද්ධියක් වූයේය. 


 ලාස්වේගාස් හි ඉරිදා රෑ ඒ සිද්ධිය සිදුවූයේ  ශ්‍රී ලංකා වේලාවෙන් ඔක්තෝබර් දෙවන සඳුදා දවල් 11.48 ට පමණය.
 ඇමෙරිකාවේ නිවාඩා ජනපදයේ දකුණු කොනේ පිහිටි ලාස්වේගාස් නගරය විනෝදකාමීන්ගේ රජදහනකි. 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පමණක් නොව වෙන අන් රටවල  විනෝදාපේක්ෂකයන්ටත් ලාස් වේගස් නගරය පුද බිමක් වැනිය. (ලාස් වේගාස්” යන ස්පාඤ්ඤ පදයේ තේරුම. “මහ තණබිම යන්නයි.) කැසිනෝ වැනි විනෝද මන්දිරත්, ප්‍රේම බන්ධන, ප්‍රේම විබන්ධන ආදිය ඉතා ඉක්මණින් කරගත හැකි වීම (කසාද-දික්කසාද) ආදී මිනිසුන් අදනා විවිධ ආකර්ශන පිළිබඳව මෙන්ම ජන කාන්ත සංගීත සිද්ධි ගැනද ලාස්වේගාස් “සෙල්ලම්” නගරය ලොව පුරා ප්‍රසිද්ධයි.


 ඒ ඔක්තෝබර් පළමුවැනිදා රෑ එහි පැවැත්වූයේ තුන් දිනක ජන ගායනා සංදර්ශනයේ එක් අවස්ථාවකි. ඒ ඉරිදා රෑ 10.08  වන විට ගායනා උළෙල නිමාවෙමින් තිබිණි.  ගීත උත්සවය නම් කෙරුණේ “රූට් 91, හාවස්ට්  ෆෙස්ටිවල්” (අස්වැන්න මඟුල) වශයෙනි. සංගීත ලෝලීහු 30,000 ක් පමණ දෙනා එහි රැස්ව උන්හ.


එහෙත් මොහොතකින් ඒ සතුටු බිම් යාය, ලේ පිපාසයෙන්  රත්වූ අමානුෂික ඝාතකයෙක් මිනිස් ජීවිත අස්වැන්නක් සිය ගිනි අවි වලින් නෙළාගන්නා මරු බිමක් බවට පත්විය.


සංගීත සැණකෙළිය පැවැත්වුනේ “ලාස්වේගාස් පියෙස” නම් භූමි භාගයේයී. විනෝදකාමීන් සංගීතයෙහි නිමග්ගව සිටියදී එ “ලාස්වේගාස්” පියසට හිටි හැටියේ වෙඩි උණ්ඩ වැස්සක්  නොනවත්වාම වැටෙන්නට පටන් ගත්තේය. ගිනි අවි භාවිත කළ මාරයාගේ සව්වා සිය අවිවහලට නිහඬ උපකරණ සවිකොට තිබුණේය. ඒ නිසා මේ කෲර ඝාතනයේ තත්ත්වය හරිහැටි වටහා ගන්නට ඒ සංගීත දනව්වේ සිටි අයට සුළු වේලාවක් ගතවූයේය. ඒවායේ හඬ මුලින් ඇතැමුන්ට දැනුනේ සෙල්ලම් රතිඤ්ඤා පිපිරීම් මෙනි.


 අන්තරාය පිළිබඳ හැඟීම ඔවුන්ගේ යටිහිතට කිදා බැස්ස හැටියේ ඒ විනෝදකාමීන්ගේ සන්තානයෙහි රැව්දුන් සතුටු සිහින හිටි හැටියේ මාරක දුෂ් ස්වජන බවට පත්වූහ. ඔවුහු බේරාගත හැකි අය රැගෙන පණ නළ රැකගන්නා පිණිස යම්කිසි සෙවණක් පතා හිස් ලූලූ අත දුවන්නට පටන් ගත්හ.


ප්‍රශංසාත්මක ලෙස ක්ෂණිකවම පොලිස් නිලධාරිවරුන්, ආරක්ෂක නිල පිරිසක් ක්‍රියාකාරී වූහ.


 ඔවුන් එසේ විදුලි වේගයෙන් ක්‍රියාත්මක නොවීනම් සිදුවිය හැකිව තිබුණු තවත් දැවැන්ත ඝාතන රාශියක් පිළිබඳව මුළු ලෝකයම අවදි වූයේ නිමේෂයකිනි. ඇමෙරිකා ඉතිහාසයේ ඒ නපුරුම ඝාතනය ලෝක නායක නායිකාවන්ගේ අත්‍යන්ත කම්පාවට හේතු විය. ඔවුහු සිය ශෝකය හා ඛේදය පළකොට සිටියහ.


 එහෙත් මේසා කෘරතර ඝාතනයක් කළ නර රකුසා කවුද? කෙවැන්නෙක්ද?
 මේ ඝාතනය කරන ලද්දේ ස්ටීවන් පැඩක් නම් හැටහතර හැවිරිදි විශ්‍රාමිකයෙකු විසිනි. ඔහුගේ රුදුරු පහරන්  දිවිහැර ගිය අයගේ සංඛ්‍යාව මේ වන විට පනස් නවය දක්වා ඉහළ නැග ඇත්තේය. තුවාල වූ අයගේ ගණන 529 ඉක්මවන්නේය.


 ඝාතනය ආරම්භ වූ හැටියේම සිය රාජකාරි ආරම්භ කළ නිලධාරිහු ඝාතකයා සොයා ගත්හ.


 ලාස්වේගාස් පියෙස අසල එයට නැගෙනහින් පිහි “මැන්ඩලේ බේ හෝටේල් කැසිනෝ” නම් ස්ථානයේ සිටියේය. ඝාතකයා සිටි කාමරය තිබුණේ 32 වන තට්ටුවේය. එය සංගීත  සැණකෙළියේ සිටි ලෝලීන්ට මීටර් 360 ක් තරම දුර තැනක් විය.


 නීතියේ නිලධාරින් වහාම ඔහු සිටි තැනට ගියේය. ඔවුන් යනවිට ස්ටීවන් පැඩක් මැරී සිටියේය. ඔහු සිය දිවි නසා ගත්තේයැයි සැළකේ.


 ඔහුගේ  “නර සතුරු ස්වරූපය ක්ෂණීකයෙක්ම පැහැදිලි විය. ඔහුගේ හෝටල් කාමරයෙහි ගිනි අවි 13 ක් තිබුණේය. තවත් ගිනි අවි 19 ක් ඔහුගේ නිවසින් සොයාගත හැකි විය. මොටෝ රථයෙහි උණ්ඩ දහස් ගණනක් තිබුණේය. ඊට අතිරේකව “නයිටේ්‍රට්” ද ඔහු සතුව තිබිණි.  නයිටේ්‍රට් පුපුරණ ද්‍රව්‍යවල භාවිතා කළ හැකි ද්‍රව්‍යයකි.


ඔහුගේ සහෝදර එරික් පැඩක් මේ ඝාතකයා මෙවැන්ක් කිරීම ගැන පුදුම වන්නේය. එරික් විසින් පැවසෙන පරිදි ඒ ඝාතකයා සාමකාමී අයෙකි. ඔහුගේ ඇබ්බැහියක් වූයේ සූදු ක්‍රීිඩාවයි. ඔහුගේ පෙම්වතිය පිලිපීනයේ සිටින්නේ යැයි පැවසේ.


 මේ ඛේදදායි පුවත සැළවුණු හැටියේ ජනාධිපති ට්‍රම්ප් මහතා දේශය පුරා ධජ අඩකුඹු කරන්නට පියවර ගත්තේය. ජනාධිපතිවරයා සිය ශෝකය පළ කරමින් බදාදා ලාස් වේගාස් නගරයට ගියේය.


 මිනිසුන්ගේ චරිතයෙහි යහපත් ගති ප්‍රකාශ වන්නේ  මෙවැනි ඛේදදායි අවස්ථාවලයි.


 ප්‍රහාරයට ලක්ව ආරෝග්‍යශාලා ගතවූවන්ට ලේ දන්දෙනු පිනිස සිය ගණන් පිරිස් සිය කැමැත්තෙන් එළඹුනහ.
 දිවියෙන් සමුගත් අයට උදෙසා සාමුහිකව ශෝක ප්‍රකාශ සිය සංවිධානය කළහ.


 මේ ඝාතකයාගේ චරිතයෙහි තවත් “ප්‍රහේළිකාවක්” වෙයි.


 මේසා දරුණු ජන ඝාතනයක්  සඳහා ඔහු මෙහෙයවනු ලැබුවේ කවර බලවේගයක් විසින්ද? ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ “මධ්‍යම ආණ්ඩුවේ පරික්ෂණායතනය” විසින් කරන ලද ප්‍රාථමික ගවේෂණවලින් පෙනී ගොස්  තිබෙන්නේ ඔහු කිසිම ත්‍රස්තවාදී කල්ලියකට අයත් නොවන බවයි.


අයිඑස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මේ ඝාතනය තමන්ගේ ක්‍රියාවකැයි  ප්‍රකාශ කොට තිබෙන්නේ ඇමෙරිකාවේ  එෆ්බීඅයි ආයතනය එය සනාථ කරන්නේ නැත.


ලාස්වේගාස් ඝාතනයෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේත් සෙසු රටවලත් ගිනි අවි අලෙවිය පිළිබඳ ප්‍රතිපත්ති හා ඒ ආශ්‍රිත නීති රීථි ගැනත්, පෘථුල සාකච්ඡා, වාද විවාද හා මත පළ කිරීම් හටගෙන ඇත්තේය. නානාශක ඝාතකයන්ගෙන් සිදුවන ජීවිත හානිය වළක්වනු පිණිස ජගත් මට්ටමේ කතිකාවකට මෙය සුදුසු කාලයයි.


 

ජපානයේ ඡන්ද විමසීම

 ජපානය විසින් සිය පහත පාර්ලිමේන්තුව උදෙසා ඡන්දය විවසීම් පවත්වනු ලැබෙන්නේ ඔක්තෝබර් මස විසිදෙවන දායි. 


මෙහිදී සින්ෂෝ අබේ හිටපු අගමැතිවරයාගේ ලිබරල් ඩිමොක්‍රැටිස් පක්ෂයට (විමුක්තිවාදී ප්‍රජාතන්ත්‍රික) විරුද්ධව ඉදිරිපත් වන්නේ ටෝකියෝ ආණ්ඩුකාර තැන්පත් යුරිකෝ කොයි කේ  මහත්මයාගේ “ප්‍රාර්ථනා පක්ෂයයි.” ඒ නිසා ඡන්ද තගය සින්ෂෝ අබේ මහතාගේ පක්ෂයත්,  යුරිකෝ කොයිකේ මහත්මියගේ පක්ෂයත් අතරයි.


 

අශ්ව රේස් ජයග්‍රහණය

  අශ්ව ගාලක මෙහෙයක නියුක්ත තැනැත්තෙක් එදා පැවැත්වෙන අශ්ව තරගයේ ජයග්‍රහණය ගන්නා අශ්වයා ගැන තනිව කතාකරමින් 


අද “හියරෝ” ජය ගනීද?”


අදිසියේ ඔහුට කෙනෙකුගේ කටහඩ ඇසුණේය.


 “ඕව අද හියරෝ දිනනවා.” මෙසේ කීවේ අශ්වයෙකි. ඒ මිනිසා “හියරෝ දිනන්නට ඔට්ටු අල්ලා විශාල  ධනයක් ලබාගත්තෝය.


 ඔහු අශ්වයා වෙත ගොස් මීට ඉහත මට දිනන අශ්වයන් කීවේ නැත්තේ ඇයිදැයි විමසුවේය. 


අශ්වයා මෙසේ පිළිතුරු දුන්f්නය.


“ඔබතුමා මීට පෙර මගෙන් ඇහුවේ නෑනේ.”


RECOMMEND POSTS

RELATED POSTS