කටාර්හි සිටින ඔබ දැනගත යුතු නව කම්කරු නීතිය



(විනීතා එම්  ගමගේ)

 

ඉකුත් 13 වැනිදා සිට කටාර් රාජ්‍යයේ ක්‍රියාත්මක  වන නව කම්කරු නීතිය පිළිබඳව එරටට යන හා දැනට එහි සේවය  කරන ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුම්වත් වී සිටිම ඉතා වැදගත් වනු ඇත.


මේ තොරතුරු ඔබ දන්නවා දැයි බලන්න.

 

01. කටාර් හි සේවයේ නිරත වන සිය‍ෙම විදේශික ශ්‍රමිකයන් කොන්ත්‍රාත් ගිවිසුම් මත පමණක් පාලනය වේ.


02. කොන්ත්‍රාත් කාලය අවස්න් වීමට පෙර රැකියාවෙන් ඉවත් කරනු ලැබුව හොත් හෝ සේවකයාගේ කැමැත්තෙන්ම ඉවත් වුවුහොත් කොන්ත්‍රෘත් කාලය ඇතුළත නැවත කටාර්හි රැකියාවකට පැමිණීමට එම ශ්‍රමිකයාට නොහැක. උදාහරණයක් ලෙස යම් ශ්‍රමිකයෙකු වසර හතරක ගිවිසුම් කාලයකට යටත්ව රැකියාවකට පැමින වසර තුනකින් සිය සේවය අතහැර ගියා යැයි සිතන්න. එසේ වූ විට ඉතිරි වසර අවසන්  වන තුරු නැවත රැකියාවක් සඳහා නැවත  කටාර් වෙත පැමිණීමට නොහැක.


03. නීත්‍යානුකූලව සේවා ගිවිසුම් කාලය අවසන් කරන ශ්‍රමිිකයෙකුට ගිවිසුම් කාලය අවසන් වූ දිනට පසුදින සිට වෙනත් රැකියාවක් සඳහා කටාර් වෙතට පැමිණීමට හැකියාව තිබේ. එහිදී කිසිදු තහනමක් හෝ කිසිදු බලපෑමකින් තොව නැවත කටාර් හි රැකියාවකට යාමට හැක.


04. මෙම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු සේවා යෝජක සමාගම් සේවකයින් සමඟ නව ගිවිසුමක් අත්සන් කිරිමට අවශ්‍ය නොවන අතර පැරණි ගිවිසුමේ සේවා කාලය ඉකුත් වන තෙක් එය වලංගු වේ.


05. සියලුම වර්ගයේ කොන්ත්‍රාත්තු ආරම්භ වන්නේ නව නීතිය බලාත්මක කළ දිනයේ සිට වන අතර සේවකයා ආයතනය තුළ රැකියාවේ නියුතු වූ වසර ගණන නොසලකා හරිනු ලැබේ. ඉන් අදහස් වන්නේ පෙර සේවය කළ වසර ගණන ගණනය නොකරන බව නොවේ.


06. කම්කරු හා සමාජ කටයුතු පරිපාලන සංවර්ධන අමත්‍යංශය විසින් සහතික කරන ලද වැඩ කිරීමේ උපරිම ගිවිසුම් කාලය වසර 5කි.


07. විදේශ ශ්‍රමිකයෙකු දඬුවමක් ලෙස සේවයෙන් ඉවත් කළ හොත් සහ ඔහු ඒ සඳහා ඉදිරිපත් කරන ලද අභියාචනය ද උසාවියෙන් ප්‍රතික්ෂේප වුව හොත් ඔහුට නැවතත් වසර 4ක් ගතවන තුරු කටාර් දේශයට ඇතුළු වීමට ඉඩ නොලැබෙන බව නව නීති සංග්‍රහයේ 26 වන ඡේදයේ සඳහන් වේ.


08. සේවා යෝජකයා විසින් සේවකයෙකු බඳවා ගැනීමට එකඟව වැඩ කිරීම සඳහා ඔහුගේ හෝ ඇයගේ පිවිසුම් වීසා බලපත්‍රය සකස්කර තිබේ නම් සේවකයාට කටාර් වෙතට ආපසු ඒමට ගිවිසුමට අත්සන් කළ හැකිය. කෙසේ වෙතත් ඔහු එම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන අවස්ථාවක  ඔහුව හරවා යැවීම කළ හැකිය.


RECOMMEND POSTS