කටාර් ශ්‍රම වෙළෙඳ පොළ ගැන බලාපොරොත්තු ඉහළට



කටාර් හි ඉකුත් 13 දා සිට ක්‍රියාත්මක වන නව නීතිය (ප්‍රවේශය, පිටවීම හා පදිංචිය පිළිබඳ) හේතුවෙන් කටාර් හි ශ්‍රම වෙළඳ පොළ බලාපොරොත්තු සහගතව සිටින බවට සැකයක් නැතැයි  කටාර් ඬේ වෙබ් අඩවිය පවසයි.
ශ්‍රමිකයන් නව නීතිය පිළිබඳව අපේක්ෂා සහගතව සිටින නමුත් සේවා යෝජකයින් නව නීතිය කෙරෙහි තරමක නොසන්සුන් හැඟීමකින් සිටින බව පෙනෙතැයි ද එම වෙබ් අඩවිය පවසයි.
විශේෂයෙන්ම මෙම නව නීති පිළිබඳ වඩාත් බලාපොරොත්තු තබා ඇත්තේ විදේශිය ශ්‍රමිකයි්න් බවද එහි සඳහන්වේ.
එරට කම්කරු අමාත්‍යංශය ශ්‍රම වෙළඳපොල කෙරෙහි ඇති සබඳතා වඩාත් පලදායී හා සේවා යෝජකයින් හා සේවකයින් අතර පවතින සබඳතාවයට යහපත් මැදිහත් වීමක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද, නීති වෙනස්  කිරීම් මඟින් ශ්‍රම වෙළඳ පොළ වඩාත් පුළුල් වන අතර එහි පැවැති ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරී යනු ඇතැයි ද එහි තව දුරටත් සඳහන් වේ.
නව නීති හොඳින් ක්‍රියාත්මක  වුව හොත් ජන මාධ්‍ය හා මානව හිමිකම් සංවිධානවල කටාර් හි ශ්‍රම වෙළඳ පොළ කෙරෙහි ඇති ප්‍රතිරූපය උඩු යටිකුරු වන බව එහි වැඩි දුරටත් සඳහන් වේ.

            (  විනීතා එම් ගමගේ)


RECOMMEND POSTS