ඔබ කටාර්හි පදිංචි විදේශිකයෙක් නම් පදිංචි බලපත නිතරම ලග තබාගන්න



කටාර් හි පදිංචි විදේශිකයින් පිටතට යන සෑම අවස්ථාවකම තම පදිංචි බලපත‍්‍රය ලඟ තබා ගැනිම අනිවාර්ය බව එරට රජය අවධාරණය කරයි. 

පදිංචි බලපත‍්‍රය ලඟ නොමැතිව අසුවන්නන්ට කටාර් රියාල් 10000 ක දඩයකට යටත් වීමට සිදුවන බව ද රජය විදේශිකයන්ට සිහිපත් කරයි.

පදිංචි බලපත‍්‍රය සමඟම නිකුත් කරනු ලබන, කටාර් වැසියන් වෙනුවෙන් නිකුත් කරන හැ`දුනුම්පතක් ද තිබිය යුතු බවත් යම් පුද්ගලයෙකුට තම අනන්‍යතාව වහා ඔප්පු කළ නොහැකි වුවහොත් එය ඔප්පු කරන තුරු රැු`දී සිටීමට විදේශිකයන්ට පවා සිදුවනු ඇතැයි ද රජය පෙන්වා දෙයි. 

පදිංචි බලපත‍්‍රය  රැුගෙන යාම පමණක් නොව එය ඉල්ලා සිටි අවස්ථාවක නොදී සිටීම පවා වරදක් බවද, එවන් විටෙක ද අධිකරණය වෙත ඉදිිරිපත් කරන අතර එහි දී රියාල් 10000 ක දඩයකට යටත් වන බවද රජය තව දුරටත් අවධාරණය කරයි

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS