කයිරෝ නුවරත් ඉෆ්තාර්



ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සවය වෙනුවෙන්  ඊජිප්තුවේ කයිරෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉකුත්දා ඉෆ්තාර් ආගමික උත්සවයක් සංවිධානය කරන ලදී.

එරට වෙසෙන ලාංකික මුස්ලිම් ප්‍රජාව සහ අනෙකුත් ආගම් හි අතර අන්තර් ආගමික සහයෝගීතාවය වැඩිදියුණු කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ මෙම උත්සවයට අමුත්තන් 150 කට වැඩි පිරිසක් එක්වූහ.මීට අමතරය ඊජිප්තුවේ සිටින ඩාවුඩි බෝරා ප්‍රජාවද එක්වීම විශේෂත්වයකි.

මෙලෙස ඉෆ්තාර් උත්සවයක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැත්වු තෙවන අවස්ථාව මෙය වන අතර  ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති ආර්.යෝගරාජන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කෙරිණි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහයෝගය මත මවුලවි නූරාමිත් මොහොමඩ් සෙයිඩ් විසින් ඉස්ලාම් ආගමික වතාවත් අනුව ඉෆ්තාර් උත්සවය මෙහෙයවන ලදී.සියලු වත් පිළිවෙත් අවසානයේ පැමිණ සිට අමුත්තන් වෙනුවෙන් ඉස්ලාම් ක්‍රමයට සැකසූ බිරියානි ආහාර වේලක රස බැලීමට සංවිධාකයෝ කටයුතු කර තිබිණි.


RECOMMEND POSTS