ශ්‍රී ලංකාවට තවත් හජ්ජි විසා 500 ක්



මෙතෙක් කාලයක් වාර්ෂිකව හජ්ජි වන්දනාව සදහා ශ්‍රී ලංකාවට ලබාදෙන තුන් දහස් පන්සියයේ හජ්ජි විසා කොටා එකට අමතරව තවත් අලුතින් විසා පන්සියයක්  ලබාදීමට සෞදි අරාබියානු රජය කටයුතු කර ඇති බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මහතා ඇරැබ් නිවුස් පුවත් පතට ප්‍රකාශ කර ඇත.ඒ අනුව මේ වසරේ සිට ශ්‍රී ලංකාවට ලැබෙන හජ්ජි වන්දනා විසා ප්‍රමාණය 4000 දක්වා ඉහල යයි.

ඇරැබ් නිවුස් පුවත් පත වැඩිදුරටත් පවසනුයේ ශ්‍රී ලංකා තැපැල් සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය මොහොමඩ් හෂීම් මොහොමධ් හැලීම් මහතා විසින් සෞදි රජය විසින් ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන් වෙත ලබාදුන් මෙම විසා පහසුකම් වෙනුවෙන් සලමන් රජ තුමා වෙතත් හජ්ජි සහ උම්රා අමාත්‍ය Dr මොහොමද් සාලි බෙන්තින්  මැති තුමා වෙතත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තුතිය පුද කරන බවයි.මෙම වසරේ ලබාදුන් වැඩිපුර විසා ප්‍රමාණය අයදුම් පත් ප්‍රමාණයේ පොරොත්තු ලේඛනයේ(WAITING LIST)අනුපිලිවෙල අනුව ලබාදීමට ක්‍රියා කරන බවද අමාත්‍ය වරයා පවසයි.

අමාත්‍යවරයා පුවත් පත සමග වැඩිදුරටත් පවසා සිටියේ ප්‍රථම වතාවට මෙම වසරේ හජ්ජි වන්දනාවසදහා පිටත් වන බැතිමතුන් හට අන්තර් ජාල පහසුකම් මගින් (ON LINE )ක්‍රමවේදයට අනුව පහසුකම් සලසා ඇති බවත් ආරක්ෂාව,සෞඛ්ය සහ අනිකුත් කරුණු සදහා ශ්‍රී ලංකාවෙන් පුහුණු කණ්ඩායමක් යැවීමටද

තිරණය කර ඇති බවත් සෞදි රජය මගින්ද ලක්ෂ සංඛ්‍යාත ජජ්ජි බැතිමතුන් සදහා ආරක්ෂාව සමගින් සියලුම පහසුකම් සැම වසරකම සපයන බවද පවසා සිටි.

කෙසේ වුවද හජ්ජි වන්දනාව සදහා පිටත්වන සියලුම බැතිමතුන් ලියාපදිංචි බලපත්‍ර හිමි නියෝජිත ආයතනයක් මගින් අදාළ ලිපි ලේඛන සමග වෛද්‍ය වාර්තා ඉදිරිපත් කල යුතුවේ

හජ්ජි වන්දනාව සදහා එක බැතිමතෙකුට අවස්තාව හිමිවනුයේ වසර පහකට එක වරක් පමණක් බවද සදහන්ය.

ලලිත් ප්‍රේමලාල්


RECOMMEND POSTS