කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද සිට විවෘතයි



(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
පාස්කු ඉරිදා දින සිදු  වු ත්‍රස්ත ප්‍රහාරයට ලක්වු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අද(07) සිට බැතිමතුන්ට සිය ආගමික වතාවත් සිදු කිරීමට විවෘත කෙරෙන බව ශ්‍රි ලංකා නාවික හමුදාව පවසයි.

උදෑසන 7සිට රාත්‍රී 7දක්වා  ආගමික වතාවත් සිදු කළ හැකි අතර දිව්‍ය පුජාවන්  නොපැවැත්වෙන බවද නාවික හමුදාව සඳහන් කරයි.

එම ප්‍රහාරයෙන් පසුව නාවික හමුදාව දේවස්ථානයේ පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටිති.

දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සදහා විශේෂ වැඩ පිළිවෙළක් සකසා ඇතැයිද   ඒ අවට දැඩි ආරක්ෂාවක්ද යොදවා ඇතැයි නාවික හමුදාව සදහන් කළේය.


RECOMMEND POSTS