සිරියානු කැරැලිකරුවන් සමඟ එකඟතාවක්



සිරියානු විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන කැරැලිකාර කණ්ඩායම් සහ සිරියානු රජය අතර එකඟතාවක් ඇති කර ගැණින.

එම එකඟතාව ඇති කර ගැණුනේ කැරැලිකරුවන් විසින් අල්ලා ගෙන සිටි කුඩා නගර 4 කට කොටුවුණු සිවිල් වැසියන් සම්බන්ධයෙනි.

මෙම නගර 4 ට සදානී සහ මදායා යන නගර ද අයත් වෙයි. මෙම නගර ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් වාසය කරන නගර යැයි ද පැවැසෙයි. සෙසු නගර දෙක වන්නේ ෆෝආ සහ කෙෆ්රායාය. මෙම නගර දෙක පිහිටා ඇත්තේ ඉඞ්ලිබ් පළාතේය.

එම වැසියන් මිනිස් පළිහක් ලෙස භාවිතා කිරීමට කැරැලිකරුවෝ කටයුතු කළහ. ඇතිවුණු එකඟතාවට අනුව, එසේ නගරවලට කොටුවුණු සිවිල් වැසියන්ට එම නගරවලින් පිටවීමට අවස්ථාව හිමිවෙයි.

කැරැලිකරුවන් ද එකඟවී ඇත්තේ තමන් එම නගර අතහැර යන ලෙසය. ඒ අනුව එම නගරවලට පහර දීම සිරියානු රජයේ හමුදා තාවකාලිකව නවතා දමා ඇතැයි ද වාර්තා වේ.

අවි අතට ගෙන සිරියානු රජයට එරෙහිව සටන් වදින පාර්ශ්ව දෙකකි. ඉන් එක් පාර්ශ්වයක් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන කැරැලිකරුවන් වන අතර අනෙක් පාර්ශ්වය අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන්ය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS