ශ්‍රී ලන්කන් ඉෆ්තාර් උත්සවයක්



ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් සංවිධානය කළ  රාමසාන් උපවාස සමයේ පවත්වන ඉෆ්තාර් උත්සවයක් රියාද් නුවර මැරියට් හෝටලයේදී පවත්වනු ලැබීය.

එම ගුවන් සමාගමේ  සෞදි කළමනාකාර සතිර ආරියරත්න මහතා ඇතුලු ශ්‍රී ලංන්කන් කාර්ය මණ්ඩලය සංවිධානය කළ මෙම ඉෆ්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මධූක වික්‍රමාරච්චි මහතා සහභාගී විය.

මෙම උත්සවය සඳහා එරට රාජ්‍යතාන්ත්‍රිකයින් ,ඉස්ලාම් බැතිමතුන්  ඇතුලු විවිධ ආගම් වලට අයත් බැතිමතුන් හා ලාංකිකයින්ද  පිරිසක් එක් වූහ.

සෞදියේ 'රියාද් ඩේලි' පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකා  නියෝජ්‍ය තානාපති මධූක වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කර සිටියේ  මෙම අවස්ථාවේ  ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයට සහාය වන රාජ්‍ය තාන්ත්‍රකයින් හමුවීමට ඇති හොඳම අවස්ථාවක් බවයි. එවැනි අන්තර් ක්‍රියාකාරිත්වය සඳහා වේදිකාවක් ලබා දීම ඉඩ අවස්ථාවන් ලබා දීම ගැන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ස්තුතිවන්ත වෙනවා" යනුවෙන් ඔහු පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කොළඹ සිට සතියකට ගුවන් ගමන් වාර 18 ක් සිදු කර අතර ,එම ගුවන් ගමන් අතරින් රියාද් ,ජෙඩා සහ දමාම් වෙත සතියේ දින හතේම ගුවන් ගමන් වාරයක් සිදු කරනු ලබයි.


RECOMMEND POSTS