තුවාල ලැබූ රියැදුරාට කෘත්‍රිම පාදයක්



සෞදි අරාබි රාජ්‍යයේ බරවාහන රියදුරෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලබා දිවයිනට පැමිණි අංක 142, කරුවලගහවත්ත පාර, කිරිමැටියාව, මහව ලිපිනයේ පදිංචි ඩබ්.එම්.සමන්ත සෙනවිරත්න මහතාට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් කෘත්‍රිම පාදයක් ලබා දීම පසුගියදා සිදුවිය.

ලියාපදිංචිය ලබා විදේුශ ගතවූ ඔහු වෙනුවෙන් කාර්යාංශ සුබසාධන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වෛද්‍ය ආධාර ලබා දීම යටතේ රු.50,250.00 ක් වටිනා කෘතීම පාදය ලබා දීම ඉකුත් 10 වැනි දා මහව ප්‍රදේශයේ දී සිදුවිය.

එමෙන්ම රක්ෂණාවරණය මඟින් රු.62500.00 ක මුදලක් හා ගුවන් ටිකට්පත් ගාස්තු ලෙස රු.31081.00 ක මුදලක් ලබා දීමට හා කාර්යාංශ මැදිහත්වීමෙන් විදේශ ප්‍රතිකාර සඳහා විදේශ රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 07 ක මුදලක් ලබාදිමට ද කාර්යාංශය කටයුතු කර ඇතැයි කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක්  ලංකාදීපයට පැවැසීය.

ලියාපදිංචි වී විදේශ ගතවූ  බැවින් ඔහු මුහුණ දුන් කණගාටුදායක අවස්ථාවේ සහන රැසක් ලබාදීමට කාර්යංශයට හැකිවූ බව ද හෙතෙම සඳහන් කළේය. 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS