තිදෙනා ගැන තොරතුරු සොයයි



විදේශ රැකියා සඳහා ගොස් සිටිය දී අතුරුදන්ව ඇති ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ගැන තොරතුරු සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය මහජන සහය පතයි.

2011 ජූලි 15 වැනිදා මැලේසියාව බලා ගිය මතුගම ගෝවින්න පින්චින්  වත්තේ ඕ ඊ සුමදි මහත්මිය පිළිබඳව තොරතුරු නැතැයි එම කාර්යංශය සඳහන් කරයි. එමෙන්ම කුවේට් හි රැකියා සඳහා 2013 සහ 2016 දී ගිය කුරුණෑගල කොබෙයිගනේ පුබ්බිලියේ කේපී නදීශා සංජීවනී සහ ගාල්ල බෙන්තොට රන්fාතටුවිල බෙලිකැටියගොඩ වත්තේ පදිංචි එම් එෆ් නයනා දීප්ති යන දෙදෙනා ගැනද මේ වනවිට කිසිදු තොරතුරක් නැතැයි ඔවුන්ගේ ඥාතින් දැනුම්දී තිබේ.

මොවුන් තිදෙනා ගැන යම් කිසි  තොරතුරක් දන්නේ නම් විදේශ සේවා නියුක්ති  කාර්යංශයේ සමථ අංශයේ 0112878244 හෝ 0114380954 යන දුරකථන අංකවලින් එකකට දැනුම් දෙන්නැයි කාර්යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS