ගාස්තු රහිත දුරකතන සබඳතා



ඕමාන් රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන්ට ඕමාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ වීම සඳහා ගාස්තු රහිත දුරකතන සබඳතාවක් හඳුන්වා දී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ඕමානයේ සේවයේ නියුතු ශ්‍රි ලාංකිකයින්ට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවකදී යොමු කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම අංකය හඳුන්වා දී තිබේ.

ඒ අනුව 80007877 යන දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සදහා එම පහසුකම හිමි වන බව කාර්යංශය කියයි

(මනෝජ් හර්ෂික)


RECOMMEND POSTS