කුමරු කඳු නගින්න ගිහින්



සෞදි ඔටුන්න හිමි කුමරු සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් කඳු නැගීමට ගොස් ඇති බව වාර්තා වේ.

වයඹ දිග සෞදි අරාබියේ චමත්කාර ජනක කඳුකර ප්‍රදේශයට කඳු නැගීම සඳහා අමාත්‍යවරු සමඟ සෞදි කුමරු ගොස් ඇති අතර ඡායාරූප කීපයක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇත.

ජාතික ආරක්ෂක අමාත්‍ය, අබ්දුල්ලා බින් බන්ඩාර් බින් අබ්දුලසිස් අල්-සවුඩ්,සංස්කෘතික අමාත්‍ය, බන්දු බින් අබ්දුල්ලා බින් ෆරාන්, රාජ්‍ය අමාත්‍ය, ටර්කි බින් මුහම්මද් බින් ෆාහඩ් බින් අබ්දුලසිස් අල්-සෞඩ් සහ
වාණිජ හා ආයෝජන අමාත්‍ය, ආචාර්ය මජීඩ් අල්-කසාබි යන අමාත්‍යවරුන් කඳු නැගීම සඳහා සහභාගි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS