සිලෝන් ටී නාමය ඉරාකයේ රැව් පිළි රැව්දේ !



ඉරාකයේ පැවැත්වෙන ප්‍රධාන පෙළේ කෘෂි වෙළද ප්‍රදර්ශනයක් වන ‘‘ ඉරාක් ඇග්‍රෝ ෆුඩ් ‘‘ ප්‍රදර්ශනය සදහා  ශ්‍රිලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුඞ මෙරට තේ අපනයන සමාගම් පහක් ශ්‍රී ලංකා කුටියක් එක් කරමින් එම ප්‍රදර්ශණයට එක් වූ බව ඉරාකයේ බැග්ඩැඩ් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි.

මෙම ප්‍රදර්ශනය බැග්ඩෑඩයේ ජාත්‍යන්තර වෙළද ක්‍රීඩාංගනයේද පැවති අතර මෙම ප්‍රදර්ශනයට එක්වූ තේ අපනයන සමාගම් වනුයේ සිලෝන් ටී මාර්කටින් පුද්ගලික සමාගම, රේන්ෆර් සමූහය, එක්ස්පෝ ටී සිලෝන් පුද්ගලික සමාගම, නේචර් සිලෝන් ට්‍රේඩින් පුද්ගලික සමාගම සහ මිලේනියම් ටී පුද්ගලික සමාගම්ය.මෙහිදී එම සමාගම් විසින් සිලෝන් තේ නාමය ප්‍රචලිත කිරීමේ ප්‍රචාරණ වල නිරත වූහ.

වසර හතකට පසුව පැවති මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති මේජර් ජනරාල් (විශ්‍රාමික ) නිරන්ජන් අශෝක රණසිංහ මහතා එක්විය.

සිලෝන් ටී මිළදී ගන්නා ප්‍රධාන රටවල් අතර ඉරාකය ඉදිරියෙන්ම සිටින අතර මෙරටින්      තේ කිලෝ  38 ,350,636 ක්  ඉකුත් 2018 වසරේදී මෙරටින් ඉරාකයට අපනයනය කෙරිණි.තවද 2019 වසරේ මුල් කාර්තුවේදී පමණක් ඉරාකය තේ කිලෝ 9,997 ,000 ක් ශ්‍රී ලංකාවෙන් මිළදී ගෙන තිබිණි.


RECOMMEND POSTS