ඇමරිකා හෙද සේවයට යන ලාංකික තරුණිය



ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ඇමෙරිකාවේ හෙද සේවය සඳහා අවස්ව ලබා දීමට ඇමරිකාවේ කර්මා සමාගම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අස්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද සේවය සඳහා ගිය පළමු හෙදිය ඉකුත් 8 වැනිදා එරට බලා පිටත්ව ගියාය.

මහනුවර මහ රෝහලේ සේවය කළ ඇය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි හෙද නිලධාරිනියකි.

කාර්යංශය මඟින් පළමු වරට දියත් කළ මෙම වැඩසටහනේ දී සුදුසුකම් ලැබු තවත් හෙද නිලධාරිනියන් 25 දෙනෙකු මේ වනවිට ඇමෙරිකාව බලා පිටත්ව යාමට පුහුණුව ලබති.

දෙවසරක හෙද  පළපුරුද්ද සහිතව දැනට සේවයේ යෙදෙන හෙද හෙදියන්ට මෙම අවස්ථාව හිමිවන අතර හෙද උපාධියක් හෝ වසර හතරක ඩිප්ලෝමා සහතිකය ද ඇමරිකානු ප්‍රමිතීන්ට අනුගතව IELTS විභාගය ද සමත් වී තිබිය යුතුය. එමෙන්ම වයස අවුරුදු 45 ට අඩු විය යතුය.

මෙම හෙද රැකියා අවස්ථා හිමිවන හෙද හෙදියන්ට මාසිකව ඇමිකානු ඩොලර් 5000 ක මුලික වැටුපක් හිමිවන අතර තම පවුලේ සාමාජිකයන් ද එරටට ගෙන්වා ගත හැකි වේ.

විනීතා එම් ගමගේ 


RECOMMEND POSTS