හෘදයාබාධ අඩු කරන කෑම



තෙල් සහිත මාළු, ධාන්‍ය වර්ග ආදිය ආහාරයට ගැනීම හෘද්‍යාබාධවලින් මිය යෑමේ අවදානම සියයට දහයකින් අඩු කරන බව පර්යේෂකයෝ පිරිසක් පවසති.

සැමන්, කුම්බලාවා මාළුවල ඔමේගා -3 ඇසිඞ් බහුලව අඩංගු වන බවත් වෝල්නට්, පෙකන්, හැසල්නට් ආදි ධාන්‍ය වර්ග හා එළවළු තෙල්වල ශාක සාර ගුණය ඇති නිසා මෙලෙස හාද්‍යාබාධාවලින් මිය යෑමේ අවදානම අඩු කරන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

රටවල් 16ක 45,637 දෙනකු කරන ලද අධ්‍යයන 19කින් පසු මෙම නිගමනවලට එළැඹීමට පර්යේෂකයෝ කටයුතු කර තිබුණි.

මාරාන්තික හදවත් රෝගවලින් මියයෑමේ අවදානම පවා සියයට දහයකින් අඩු කිරීමට ඔමේගා 3 ඇසිඞ් අඩංගු මුහුදු ආහාරවලට හැකියාව ඇතැයි ද මෙහිදි අනාවරණය වී තිබේ.

මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ ස්ටැන්ෆෝර්ඞ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඒකකයේ පර්යේෂකයන් පිරිසකි. මෙම පර්යේෂණවලින් අනාවරණය කරගත් කරුණුවලින් ඔමේගා 3 ඇසිඞ් හෘද්‍යාබාධ කෙරෙහි සිදු කරන බලපෑම පිළිබඳ වැදගත්  තීරණ රැසකට එළැඹීමට හැකි වූ බව එම පර්යේෂකයෝ පවසති.

හර්ෂණ තුෂාර සිල්වා
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS