විස නසන පලතුරු



අපි ගියවර සිරුරේ විස තැම්පත් වන ආකාරයත්, විස හර‍‍ණය සඳහා සුදුසු එළවළු වර්ග පිළිබඳවත් කතා බහ කළෙමු.

අද අපි බලාපොරොත්තු වන්නේ විස නසන පලතුරු වර්ග මොනවාද සහ ඒවායෙහි අන්තර්ගත ගුණ පිළිබඳවත් දැනගැනීමටයි. වෙළෙඳපොළේ ඇති අනේක ජාති පලතුරු අතරින් වඩාත් ගුණදායී පලතුරු තෝරා ගැනීම සඳහා මෙමගින් ඔබට අවස්ථාව සැලසේ.

ඇපල් - මෙහි අඩංගු වන ' පෙක්ටින්' නම් ද්‍රව්‍ය නිසා ආහාර පහසුවෙන් දිරවා ගත හැකිය. විශේෂයෙන් උදරයේ ගෑස් සහ ඇසිඩ් පාලනය කරයි.

මිදි - මිදිවල අඩංගු යකඩ, පොටෑසියම් සහ ඇන්ටිඔක්සිඩන්ට් ගුණය  වැඩි නිසා පලතුරු අතරින් විසහරණය වැඩිම පලතුරයි.

පේර - විටමින් ' සී ' වැඩි ප්‍රමාණයක් අඩංගුය. ලෝක ආහාර නිර්දේශිත ආයතනය හඳුන්වා දෙන්නේ දිනපතා ආහාරයට එකතු කර ගැනීම සුදුසු බවයි.

කොමඩු - ලංකාවේ කොමඩු වර්ග කිහිපයක්ම ඇතත්  'හනි ඩිව් මෙලන් ' සහ 'කැන්ටලෝ මෙලන් ' ප්‍රසිද්ධ වර්ග දෙකයි.

දොඩම් - විස හරණය ගුණය ඇත. ෆ්ලෙවනොයිඩ් වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර විටමින් ' සී' ද ඇත. දිනකට අවශ්‍ය විටමින් ප්‍රමාණය සිරුරට ඉතා ලෙහෙසියෙන් දොඩම් මගින් ලබා ගත හැකිය.

පෙයාර්ස්- අවුරුදු ගණනාවකට කලින් ලංකාවේ හොඳ පෙයාර්ස් පලදාවක් තිබුණද එය අද වන විට පහළ බැස ඇත. ශරීරයේ විස හරණ කටයුත්ත උදෙසා පෙයාර්ස්වලින් ලැබෙන මෙහෙය සුළුපටු නොවේ. පෙයාර්ස්වල අන්තර්ගත සීනි ගුණදායක බැවින් දියවැඩියා රෝගීන්ට පවා ගුණය. 

ගස් ලබු - පැපේන් කියන ඉතා වටිනා එන්සයිමය අඩංගු වන ඇන්ටිඔක්සිඩන්ට් ගුණය ඇති මෙරටේ වැවෙන පලතුරකි. මෙහි ඇති විටමින් ' සී ' ගුණය නිසා සමේ වියපත් භාවය වලක්වා ගත හැකිය.

දෙළුම් - මොළයේ ඇති සෛල වැඩි දියුණු කරන පලතුරකි.

ස්ට්‍රෝබෙරි - විටමින් ' සී ', ෆ්ලෙවනොයිඩ් සහ විසහරණ ගුණය ඉතා තීව්‍ර බැවින්  දිනපතා ආහාරයට එකතු කර ගැනීම සුදුසුය.

 

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
සටහන - මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS