ලස්සන වෙන්න පැණි කොමඩු කන්න



රස්නය වැඩි කාලවලදී පිපාසය නිවා ගනු වස් පැණි කොමඩු කා අතරත් ජනප්‍රිය පලතුරකි.  ඒවායෙහි විවිධ ප්‍රභේද ඇති අතර තිත්ත රසැති, පැණි රසැති මෙන්ම සුළු ඇඹුල් ගතියෙන් යුත් ආදී ලෙස දක්නට ලැබේ.

ගෙඩියේ ඇතුළත තද කොළ, ලා කොළ සහ කහ පාට තිත් ආදී ඇට දක්නට ලැබේ. ජාත්‍යන්තර පෝෂණ සංවිධානයේ දත්ත ඉදිරිපත් කරන පරිදි කොමඩු ගෙඩියක පෝෂණ ප්‍රමාණය පහත පරිදි වේ. 

ශක්තිය 127% , කාබෝහයිඩ්ඩ්‍රේට් 7.55g , සීනි 6.2g , කෙඳි 0.4g , මේදය 0.15g , ප්‍රෝටීන් 0.61g , වතුර 91.45g , විටමින් -a   28ug , බේටා කැරෝටින් 3.3ug   , විටමින් b-1  0.033mg , විටමින් b-2  0.021mg  , විටමින්  b-3 0.178mg , විටමින් b-5 0.221mg , විටමින් b-6  0.45mg , වෝලයින් 4.1mg , විටමින් c 8.1mg , කැල්සියම් 7mg , යකඩ 0.24mg , මැග්නීසියම් 10mg , ලිකොෆයින්  4532ug, මැංගනීස් 0.03mg , පොස්පරස් 11mg , පොටෑසියම් 112mg , සෝඩියම් 1mg, සින්ක් 0.1mg


මුත්‍ර ආසාධිත රෝගීන් සඳහා විශේෂයෙන් සුදුසු වේ.

මෙය සුළු වශයෙන් බඩ සුද්ධ කරන ගතියක් දැකිය හැකිය. වැඩිපුර ගත් කෙනකු මේ සඳහා බිය විය යුතු නැත. වැඩි වශයෙන් වතුර පානය නොකරන්නන් සඳහා උචිතයි. මෙහි අන්තර්ගත සීනි ප්‍රමාණයද ඉතා අඩුය. එසේම අවු රශ්මිය නිසා පිළිස්සුණු හමක් ඇති අයට වඩාත් සුදුසු වේ. ඒවගේම මුහුණේ හම රැලි වැටී ඇති අයට සුදුසුය. මෙහි ලිපොෆයින් අඩංගු නිසා විසහරණ හැකියාව ඇත. පිළිකා රෝගවලින් නිරතුරු ආරක්ෂා වේ. 

ආහාරයෙන් පසු පැණි කොමඩු කැබලි ආහාරයට ගැනීමෙන් මනා නින්දක් ලැබේ.  දෛනිකව අවශ්‍ය කෙරෙන ශක්තියෙන් 23%ක ශක්ති ප්‍රමාණයක් සපුරාලීමට පැණි කොමඩු සමත් වේ. පුරුෂ පක්ෂයේ  හෝමෝන වර්ධනයටද උපකාරවේ. දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන්ටද සුදුසු වේ. එමෙන්ම කුඩා දරුවන්ගේ සලාද සහ බීම වර්ග සැකසීමේදී අනිවාර්යයෙන් එකතු කර ගත යුතු පලතුරක් බව නොකියාම බැරිය. 


ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
සටහන / මාධවී ධර්මරත්න 

 

 


RECOMMEND POSTS