රෝග නසන මල් පෙති සාන්ද්‍රණය



මල්වල පෙති එකිනෙකට වෙනස් රෝග සඳහා උපකාරී වේ. මෙම මල් සාන්ද්‍රණය ලෙඩ රෝග ගණනාවකටම සුවය සදයි. 

සොයා ගැනීම

වර්ෂ එක්දහස් අටසිය හැට ගණන්වලදී  වෛද්‍ය එඩ්වඩ් බැච් විසින් විවිධ ශාක සහ පත්‍රවල වෛද්‍ය විද්‍යාත්මක වටිනාකමක් ඇති බව සොයා ගන්නා ලදි. දිගටම පර්යේෂණවල නිරත වූ හෙතෙම ආසියාවේ ආයුර්වේදය පිළිබඳවද හැදෑරුවේය. එහිදී තේරුම් ගත් මූලික කරුණක් වූයේ රෝගීන්ට ඉක්මන් සුවය , සහනය ලබා දෙන ආයුර්වේදයට වඩා වෙනස් වූ ක්‍රමයක් හොමියෝපති වෛද්‍ය ක්‍රමයේ ඇති බවයි.  

එහිදී ඔහු නොයෙක් මල්, පැළෑටි සහ මුල්  වර්ග පිළිබඳව විශේෂ අත්හදා බැලීම් කළේය. ඒ අනුසාරයෙන් අලුත්ම ක්‍රමයක් 'Bach flower remedies ' වශයෙන් බිහි විණි.

 

සහනදායී මිල ක්‍රමය
මල්වල ඇති සාන්ද්‍රීය සුවය, සුවඳ සේම රසය, ගුණයද ඔසුවක් ආකාරයෙන් නිෂ්පාදනවලට එකතු විය. මේවායේ විශේෂිතම වාසිය වූයේ අධික මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීම වෙනුවට ඉතා සහනදායී මිල ගණන් යටතේ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට හැකි වීමයි. වෛද්‍යවරයා සොයා ගත් පරිදි සෑම මලකම පෙතිවල ජීවියකු ජීවත් කරවීමේ මහානර්ඝ ඔසු ගුණයක් පවතී. 

 

මල් පෙති යොදා පිසින කෑම
මල් පෙති යොදා පිසින බත්, සැලඩ්, ජූස් වැනි දෑ ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල ඉතා ප්‍රසිද්ධයි. එසේම මල්වලට මී පැණි දමා රසවත්ව සකසා ගන්නා ඔසු ආයුර්වේදයේ ඇත. මෙවන් ඔසු ආහාර අරුචිය ඇති පුද්ගලයන්ට  විශේෂිතයි. 

 

බැච් ෆ්ලවර් රෙමඩීස්
වර්ෂ 1934 දී ලොව ප්‍රථම බැච් මධ්‍යස්ථානය ලන්ඩනයේදී පිහිටුවීය. බැච් ෆ්ලවර් රෙමඩීස් කොටස් 35කට වර්ගීකරණය කළ හැකිය. rose buds මගින් පිනි බිඳු සාදා ගන්නා අතරම පිනි බිඳු සාන්ද්‍රණයක් ඇති බව දන්නවාද? 


සුව සදන ලෙඩ රෝග කිහිපයක්
ආතතිය, එන්සයටික්, ඉන්සියුමියා රෝග සේම මානසික ආතති, ව්‍යාකූලතා මග හරවා ගැනීම සඳහා බැච් ෆ්ලවර් රෙමඩීස්  මගින් ඉටු කෙරෙන දායකත්වය සුළු පටු නොවේ. 

 

මල් පෙති සාන්ද්‍රණයෙන්ම තවත් අලුත් ක්‍රමයක්
වෛද්‍ය එඩ්වඩ්  විසින්ම හඳුන්වා දුන් අනෙක් ක්‍රමය වන්නේ ' Mothertincture ' ක්‍රමයයි. 
මල්වලින් වෙන් කොට ගත් මල් පෙති ජල සාන්ද්‍රණයකට දමා තද අව් රශ්මිය යටතේ එය නටවා ගැනීම ප්‍රථමයෙන් සිදු වේ. ඉන් පසු සාන්ද්‍රණය කල් තබා ගනු වස්  බ්‍රැන්ඩි සාන්ද්‍රණයෙන් ස්වල්පයක් මිශ්‍ර කර ගත යුතුය.  සාන්ද්‍රණ 02ම හොඳින් මිශ්‍ර කර  බෝතලයකට අසුරා කල් තබා ගත හැකිය.  මෙය කිසිදු ආකාරයකින් සිරුරට හානිදායී නොවේ. 

 

remedies මෙබදු පුද්ගලයන්ටත් ගුණයි
සිරුර අධික තරබාරුව ඇති අයට, ඇඟ අතපය රිදෙන පුද්ගලයන්, කොන්දේ අමාරු ඇති අය, ආතරයිටීස් රෝගවලට ගොදුරු වූවන් සඳහා ගුණයි.

 

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
සටහන - මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS