රුධිර පීඩනය අඩු අයට නියම ඔසු මෙන්න



රුධිර පීඩනයේ අඩුවීම ඌන රක්තචාපය හෙවත් අඩුරුධිර පීඩනයයි. ඛදඅ ඉකදදා චරුිිමරු  රැයහචදචසැිසි ිමඉඑැබිසදබ නමින්ද හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය කිසිදුු රෝගයකට සම්බන්‍ධතාවක් නොමැතිව ස්වාභාවික අවස්ථාවක් ලෙසද ශරීරයේ ස්වභාවයක් ලෙසද සැලකිය හැකිය. සමහර පවුල්වලටද මෙය ආවේනික තත්ත්වයක් ලෙස පවතී. මෙය රෝග තත්ත්වයක් ලෙස ගණන් ගෙන ප‍්‍රතිකාර කිරීමට යෑමෙන් අනවශ්‍ය ඖෂධ සිරුරට දමා ගැනීමක් සිදුවෙයි. වෙනත් රෝග තත්ත්වයන් ඇතිවීමටද ඉඩ ඇත. ශාරීරික ඉරියව් වෙනස් විමෙන්ද මෙම තත්ත්වය හටගනී. එම නිසා මේ තත්ත්වය ස්වභාවික අවස්ථාවක් ලෙස සාමාන්‍යයෙන් ගණන් ගැනේ.  

එහෙත් ශරීරට දැනෙන දුබලභාවය, නිතර දැනෙන තෙහෙට්ටුව, පොඩි වෙහෙසවීමකදී පවා මහන්සියක් දැනීම, යන රෝග ලක්‍ෂණ දැනේ නම් වෛද්‍යවරයෙකු කරා ගොස් රුධිර පීඩනය මැන බැලීමෙන් මෙම තත්ත්වය වටහා ගත හැකිය. මේ අයගේ ආකුංචන පීඩනය 70ට වඩා අඩුනම්, ප‍්‍රසාරණ පීඩනය 110ට වඩා අඩු නම්, රුධිර පීඩනයේ අඩු බවක් ඇති බව වටහා ගෙන ජීවත් විය යුතුය. වෙනත් රෝග අවස්ථාවලට ප‍්‍රතිකාර කරන විට එය දැන සිටීම නිසා වෛද්‍යවරුන්ට ඖෂධ තෝරාගැනීම පහසු වෙයි. 

 


 සිරුරට ආවේනික තත්ත්වය 
හැරුනවිට මේ තත්ත්වය ඇතිවෙන අවස්ථා පහත ස`දහන් ලෙස දැක්විය හැකිය. බොහෝ වෙලා සිටගෙන සිටින 
රැුකියාව කරන සොල්දාදුවන් වැනි අයටද, ක්‍ෂය රෝගය වැනි ශරීරය දුර්වල වන රෝග තත්ත්ව වලදීද, නිධන්ගත විෂාණු ජනිත රෝග වලින් පීඩිත වූවිටද :ජරදබසජ ෂබෙැජඑසදබ*මානසික ආවේගවලින් නිතර පීඩාවට පත්වෙනවිටද, ස්වප්න මෝචනය වැනි මානසික පීඩාවලින් පෙළෙන නින්ද නොයන අයටද, ග‍්‍රහනී හා ආමාශ ක්‍ෂත වලින් පෙළෙන විටද, ශරීර කෛශික ධමනි  ඕනෑවට වඩා පළල් වීමෙන් මොළයට හා හෘදයට රුධිර සැපයීම අඩාල වීමෙන්ද, ඉහළ අහසේ රැුකියාවේ නිරත වන අහස් නැවියන්ටද,තෛරොයිඩි ග‍්‍රන්ථියේ ක‍්‍රියා හීනවීම නිසාද, වෘක්කරෝග නිසාද, හදිසි අනතුරුනිසා ඇතිවෙන අධික රක්තශ‍්‍රෘව නිසාද, පණූ රෝග වලින් පීඩාවට පත්වී රුධිරය අඩු තත්ත්වයෙන් පීඩාවට පත්වූ විටද, යන කාරණා නිසා රුධිර පීඩනය අඩුවෙයි  

මෙම රෝගීනට ප‍්‍රතිකාර කරන විට රෝග නිදානය සොයා බැලීම ඉතා අවශ්‍යය. නාඩිබලකාරක ඔසුදීම සුදුසුය. දශමුලාරිෂ්ඨ, අර්ජුනාරිෂ්ඨ, ද්‍රක්‍ෂාසවය වැන් අරිෂ්ඨ ආසවයන්ද, කස්තුරි, කපුරු, මකරද්වජ වැනි හෘදය බලකාරක ඔසුද, කුරුඳුපොතු, කරාබුනැටි, සාදික්කා, කොල්ලූ, බෙලිමුලේ පොතු, නස්නාරංමුල් වැනි හෘදය බලකාරක ඖෂධ වර්ගද තේ කෝපි සහ පැහීගෙන එන රාද යකෘත්සාරය හෙවත් පීකුදු ආහාර පිණිසද ගැනීම සුදුසුය.

 

- සුසාර   

 


RECOMMEND POSTS