පෙණහලු ලෙඩ නොකර මේ ආහාර ඔබත් ගන්න



ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

අප ගන්නා ආහාර සෘජුවේම පෙණහලු කෙරෙහි බලපාන්නේ නැත. ඒවා වක්‍රාකාරයෙන් ශරීරයේ විස හරණය සහ පෝෂණය යන කාරණා 02 මත බලපැවැත්වේ. ඉතා ගණ මේදය සහිත ආහාර ගැනීමෙන් පිළිකා රෝග හටගන්නා නිසා අප ඒවා බැහැර කළ යුතු වේ.

නිරෝගී පෙණහලු යුවළක් පවත්වා ගැනීම සඳහා පෝෂණීය එළවළු, පලතුරු ආහාරයට ගත යුතුයි.


පෝෂණීය එළවළු, පලතුරු පෙණහලුවලට බලපාන්නේ කොහොමද?
මේවාවල ඇති සිරුරට අවැසි එන්සයිම, විටමින්,ඛනිජ වර්ග විස හරණ ක්‍රියාවලියට දායක වේ.   මෙවැනි වාතාවරණයකදී මනාව ආස්වාස ප්‍රාශ්වාස කළ හැකිය.


පෙණහලුවල නිරෝගීතාව සුරකින එළවළු

ඔබ දැනටමත් පෙණහලු රෝගයකට ගොදුරු වූ අයෙක්ද? එසේනම මේ ආහාර ඔබත් දෛනිකව එකතු කර ගන්න. 

 

 

  • සුදු ලූනු සහ ලූනු

සිරුරේ නිතරම ඇතිවන විසබීජ, බැක්ටීරියාවලට එරෙහිව සටන් කරයි. එබැවින් පෙණහලු මෙන්ම හෘදයවස්තුවේ ක්‍රියාකාරීත්වයටද උපකාර වේ.

 

  • ඉඟුරු

පෙණහලුවල ඇති අපද්‍රව්‍ය පිටතට ගෙන යාම සඳහා උදව් වේ.

 

  • මිරිස්

මේවායෙහි 'කැප්සයික් ඉන්' නැමැති ද්‍රව්‍ය අඩංගුය. විසහරණ ක්‍රියාවලියට උපකාර වේ. පෙණහලුවලට හොඳ රුධිර ගමනාගමනයක් ලබා දේ. 

 

  • ගෝවා, මල් ගෝවා, බ්‍රොකෝලි

පෙණහලුවල ඇති වන පිළිකා සෛල වර්ධනය වීම වළක්වයි. කෝරෆිල් අඩංගු වන නිසා රුධිරය පිරිසුදු කරවයි. 

 

  •  දෙලුම්

දෙලුම් යුෂ පානයෙන් පෙණහලුවල ඇතිවන ගෙඩි මර්දනය කරයි. දෙලුම්වල අන්තර්ගත 'එලෆික් ඇසිඩ් ' නිසා පිළිකා වර්ධනය අවම කරයි.

 

  • කහ

පෙණහලුවල ඇති වන පිළිකා සෛල මර්දනය කරමින් මනා රුධිර ගමනාගමනයක් පවත්වා දෙයි.

 

  • ජලය

පෙණහලුවල සමතුලිතතාව රැක දීමට මෙන්ම විස හරණ ක්‍රියාවලිය සවිමත් කිරීම සඳහාද ජලය අවශ්‍ය වේ.

  • ඇපල්

ෆ්ලෙවනොයිඩ්, විටමින් 'ඊ', විටමින් 'සී' අඩංගු නිසා ඒවා පෙණහලුවල ක්‍රියාකාරීත්වය තීව්‍ර කරවයි. හොඳ පෙණහලු යුගලක් සඳහා අඩුම තරමේ සතියතට ඇපල් ගෙඩි 02ක්වත් ආහාරයට ගත යුතුය.

 

  • ග්‍රේප් පෘට්

දුම්පානයට ඇබ්බැහිවී එය නතර කළ පුද්ගලයන්ට සුදුසු වේ.පෙණහලු පිරිසුදු කරන හොඳ පලතුරකි.

 

  • බෝංචි , ඇට වර්ග, වියළි ඇට වර්ග

ඇට වර්ගවල මැග්නීසියම් ඇත. එය පෙණහලුවල පැවැත්මට උපකාරවේ. 

  • කැරට්

වැඩි වශයෙන් විටමින් 'ඒ' ඇත. විටමින් 'සී' ද ඇතුළත් නිසා පෙණහලුවල පිළිකා ඇති කිරීම අඩු කිරීම මෙන්ම හොඳ කාර්යක්ෂම පෙණහලු යුවළක් ලබා දේ.

 

  • දොඩම්

මේවායෙහි මූලිකවම විටමින් 'සී' සහ විටමින් 'බී'-6 ඇත. පෙණහලුවලින් ඔක්සිජන් ශරීර අභ්‍යන්තරයට මුදා හැරීමට මෙකී එන්සයිම උපකාර වේ.

  • වට්ටක්කා

පෙණහලුවල පිළිකා අවධානම පහත හෙළමින් හොඳ පෙණහලු යුවළක් ලබා දේ.

 

නිරෝගී දිවියකට කාර්යක්ෂම පෙනහලු යුවළක් තිබීමේ වැදගත්කම කොතෙක්ද යන්න දැන් ඔබට වැටහෙනවා නේද?

 


සටහන- මාධවී ධර්මරත්න


RECOMMEND POSTS