ගර්භණී මවුවරු කළ යුතු සහ නොකළ යුතු දෑ



කාන්තාවකට  මවු පදවිය දරන කාලය තරම් ජීවිතයේ තවත් වැදගත් කාලයක් නොමැති තරම්ය. හැම මවකගේම,පියෙකුගේම පැතුම නිරෝගි දරු සම්පතකි. මවකට තම ආදරණීය සිඟිත්තාගේ ආරක්ෂාව උදෙසා ගර්භණී සමයේදී ආරක්ෂා විය යුතු ආකාරය, කළ යුතු සහ නොකළ යුතු දේවල් කිහිපයකි මේ.


01) ඔබගේ සෞඛ්‍ය සේවා සැපයුම් නිලදාරියා පිළිබඳව ප්‍රථමයෙන් දැනුම්වත් වන්න.
02) ආහාරයට අමතර කැලරි එකතු කර ගන්න
03) අනතුරුදායක ක්‍රීඩා ආදියෙන් බැහැර වන්න
04) ඔබට සුව පහසු ඇඳුම්, පාවහන් පළඳින්න
05) බිම  හිඳගත් පසු නැගිටින විට සෙමින් සහ ආරක්ෂිතව නැගිටින්න
06) යහමින් ජලය පානය කරන්න
07) සිරුර අනවශ්‍ය විදිහට දිගාවී සිටින ලෙසින් (මුනින්තලාවී) හිඳීම නොකළ යුතුයි.
08) එකම තැන හිඳගෙන සිටිනවා වෙනුවට ඔබ සෙමින් සෙමින් ඇවිදින්න
09) ඕනෑම දෙයක් ඕනෑවට වඩා අනවශ්‍ය බව මතක තබා ගන්න
10) අනවශ්‍ය ලෙස උෂ්ණාධික ආහාර ගැනීමෙන් වළකින්න
11) සිරුරේ උණුසුම රඳා පවත්වා ගන්න
12) මානසික ආතතියෙන් තොරව මනස නිතරම සතුටින් තබා ගන්න


(අන්තර්ජාලය ඇසුරෙනි)
මාධවී ධර්මරත්න

 


RECOMMEND POSTS