කැරට්වල ගුණ



ක්‍රිස්පි රසැති එළවළුවක් ලෙස ප්‍රසිද්ධ කැරට් පිසූ ආහාරයක් ලෙසත් සලාදයක් වශයෙනුත් කෑමට එක්කර ගත හැකිය. කැරට් අල මෙන්ම පත්‍රද ආහාරයට ගත හැකිය. රසවත් පානයක් මෙන්ම කේක්, සෝස්, පලතුරක්. තම්බා වුවද කැරට් ආහාරයට ගත හැකිය.

කැරට්වල පෝෂණ ගුණය -

ජලය      - 88%

සීනි         - 2%

ප්‍රෝටීන්  -1%

කෙඳි       -1%

ඈෂ්         -1%

මේදය      -0.02%

සමේ මනා පැවැත්මට කෙඳි අවශ්‍ය වේ. සමෙහි මනා ඇදීමක් ඇති කරවන ඉතා හොඳ සීනි විශේෂ වන සුක්රෝස් සහ පෘට්කෝස් අඩංගු වේ.  කැරට්වල රසට හේතු වන ග්ලුටටික්, ඇමයිනෝ යන ඇසිඩ්වලට අමතරව සුසීන්, කිටෝග්ලුටරින්, ලැක්ටික්, ග්ලයිකොලිස්, මැජෝපෙනොලික්, කැෆෙයික් යන ඇසිඩ් වර්ගද ඇතුළත් වේ.

බී- කැරටින් අඩංගු වන නිසා කැරට්වලට තැඹිලි පැහැය ලැබී තිබේ. විටමින් ඒ, විටමින් සී, විටමින් එෆ්, වැඩි ප්‍රමාණයක් අන්තර්ගතය. විස හරණය කිරීමේ ගුණයත්, ඛනිජ වර්ගවල වටිනාකමත් නිසා කැරට් ඉතා වටිනා එළවළුවක් බවට පත්ව ඇත.

කැරට් මුල් පෙල්ටික් සහ uteres සඳහා ලේ වඩා ශක්තිමත් කිරීමට උපකාරවේ.

ආහාර දිරවීමේ අපහසුතා ඇති පුද්ගලයන්ට, කුඩා බඩවැල්- මහ බඩවැල් අපහසුතා ඇති අයට, උගුරේ සෙම් ගෙඩි ආසාදන, කටේ ඇති වන තුවාලවලට, බඩවැල්වල තුවාලවලට කැරට්වල අඩංගු විටමින් හොඳ ඔසුවකි.

කැරට් ආහාරයට ගැනීමෙන් එහි ඇති කැරටීන් 3 ගුණයක් ඇඟට එකතු වේ. එය 39 % දක්වාද වැඩි කළ හැකිය. පාන් වර්ග, කේක්, සලාද ලෙසත් කැරට් වෑංජනයක් ලෙසත් ආහාරයට ගත හැකිය. මේවායෙහි ඇල්ක්ලොයිඩ් ප්‍රතිශතය ඉහළ නිසා සත්ව ආහාරයක් ලෙස සුදුසු නැත. කැරට්වල පත්‍ර ආහාරයට ගන්නවානම් මේරීමට ප්‍රථම විය යුතුය.

ශීතකරණයක හෝ ජලය මිශ්‍ර නොවුණු වැලි බාල්දියක වුවද කැරට් කල් තබා ගත හැකිය. ශරීරයට වැළඳෙන නොයෙකුත් ලෙඩ රෝගවලට ගුණදායී කැරට් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යාරක්ෂිත දිවියක් ගත කිරීමට හැකි වනු ඇත.

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

-සටහන - මාධවී ධර්මරත්න


RECOMMEND POSTS