අසාත්මිකතා ඇතිනම් එන්නත ගන්න එපා



අසාත්මිකතා ඇතිනම් දැනට ලබා දෙන 'ෆයිසර්' එන්නත හෝ වෙන කිසිදු එන්නතක් හෝ ලබා ගැනීමෙන් වැළැකී සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ විශේෂඥ වෙවද්‍යවරු අනතුරු අගවති.

'කොවිඩ් 19' වයිරස වසංගතය සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කමිටුවට සම්බන්ධ වී සිටින විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ අනතුරු ඇඟවීමක් කළේ 'කොවිඩ් 19' වයිරසය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බියක් සහ සැකයක් පැතිරීම නියා යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

පසුගිය සති අන්තයේ ඇමෙරිකන් පුවත් සේවා සහ නෝර්වීජියානු පුවත් සේවා වාර්තා කළේ 'ෆයිසර්' සමාගම නිපදවා ඇති එන්නත ලබා ගත් තිදෙනකු මියගිය බවය. ඇමෙරිකාවේ මියගිය තැනැත්තා වෛද්‍යවරයෙකි. ඉතිරි දෙදෙනා නෝර්වේ රාජ්‍යයේ වැඩිහිටි නිවසක පදිංචිවී සිටින වැඩිහිටියන් දෙදෙනෙකි.

'ෆයිසර්' යනු ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සහ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම එක් වී නිපදවා ඇති 'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිය ඇති කරන එන්නතය. සියයට 95 ක් සාර්ථක මෙයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය ලැබී ඇත. ඒ හදිසි තත්ත්වයකදී භාවිතයට සුදුසු බවට නිර්දේශ කරමිණි.

'කොවිඩ් 19' වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් අතුරින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවුණු පළමු එන්නත වන්නේ මෙයයි.

'කොවිඩ් 19' වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගනිද්දී, අසාත්මිකතා ඇති නම්, වෙනත් බෝ නොවන රෝගී තත්ත්වයන් ඇතිනම් ඒ බව වෛද්‍යවරුන්ට හෝ හෙදියන්ට දැනුම් දීම කළ යුතු බවත්, එන්නත ලපබා ගැනීමෙන් පසු මිනිත්තු 30 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින්නේ නම්, එය වඩාත් සුදුසු බවත්, 'කොවිඩ් 19' වයිරස වසංගතය සම්බන්ධයෙන් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කමිටුවට සම්බන්ධ වී සිටින විශේෂඥ වෛද්‍යවරු පැහැදිලි කරති.

ජිනීවා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS