හෑන්ඩ් වොෂ් හිරු එළියේ තබන්න එපා



මෝටර් රථ තුළ දෑත් පිරිසුදු කරන ද්‍රාවණ තබා යෑමේදී, ඒවාට කෙළින්ම හිරු එළිය නොවැටෙන සේ තබන්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි.

මෝටර් රථවල තිබෙන ඇසුරුම් කුටීරවල, දොරවල්වල තිබෙන කුටීරවල විශේෂයෙන් හිරු එළිය කෙළින්ම නොවැටෙන තැන්වල පිරිසුදුකාරක තබන්නැයි ද සෞඛ්‍ය අංශ මෝටර් රථ රියදුරන්ට උපදෙස් දෙයි.

මේවා භාවිත කිරීමේ දී ජනතාව බොහෝ පරෙස්සම් විය යුතුය. මෝටර් රථවල යන එන සියලු‍දෙනා ද දෑත් පිරිසුදුකාරක (හෑන්ඩ් සැනිටයිසර්) භාවිත කරන බොහෝ පිරිසක් මේවා තබන්නේ මෝටර් රථයේ ඩෑෂ් පුවරුව (ඩෑෂ්බෝර්ඩ්) මතය. පිරිසුදුකාරක එසේ තබා මෝටර් රථ, රථගාලේ නවතා දමා ඒවායේ රියදුරෝ තම තමන්ගේ රාජකාරිවලට යති.

දෑත් පිරිසුදුකාරක නිෂ්පාදනය කිරීමේ දී මද්‍යසාර භාවිත කරන අතර ඇතැම් ඒවායේ මද්‍යසාර අන්තර්ගතය ඉතා ඉහළ ය. ඩෑෂ්පුවරුව මත පිරිසුදුකාර තැබීමෙන් ඒවා හිරු එළියට නිරාවරණය වන අතර රත් වී පුපුරා යෑමේ ඉහළ අවදානමක් තිබේ.

මෑතක දී එවැනි සිදුවීමක් ඇමෙරිකාවේ චිකාගෝ ජනපදයෙන් වාර්තා විය. එම සිදුවීමෙන් මෝටර් රථය ඇතුළත සියල්ල ගිනිගෙන දැවුණේය. මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව ඉරි තළා ගියේය. එම මෝටර් රථයේ රියදුරු ඩෑෂ් පුවරුව (ඩෑෂ්බෝර්ඩ්) මත පිරිසුදුකාරක බෝතලය තබා පිටව ගොස් තිබූ අතර එය මතට හිරු එළිය වැටී රත් වී පුපුරා ගොස් තිබිණි. මෝටර් රථය ඇතුළත ගිනිගෙන දැවීමට හේතු වී ඇත්තේ එයයි. අදාළ පිරිසුදුකාරකයේ මද්‍යසාර අනුපාතය සියයට 80කි.

මෝටර් රථවල තිබෙන ඇසුරුම් කුටීරවල, දොරවල්වල තිබෙන කුටීරවල විශේෂයෙන් හිරු එළිය කෙළින්ම නොවැටෙන තැන්වල පිරිසුදුකාරක තබන්නැයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මෝටර් රථ රියදුරන්ට උපදෙස් දෙයි.

හර්ෂණ තුෂාර සිල්වා
සන්ඩේ ටයිම්ස්

RECOMMEND POSTS