වැඩකරන ආයතනයට සම්පතක් වෙන්න ඔබ කැමැතිද?




 

අප එකිනෙකා කරන රැකියා කෙතරම් එකිනෙකට වෙනස් වුවත් රැකියාව ගැන අප කා හටත් ඇත්තේ එකම බලාපොරොත්තුවකි. එනම් එහි ඉදිරි දියුණුවක් අත්කර ගනිමින් වඩාත් සාර්ථකත්වයට පත් වීමයි. මේ සඳහා විශාලතම ශක්තිය වන්නේ අප තුළ පවතින කුසලතාවන්ගේ එකතුවයි. මෙලෙස අප තුළ ඇති කුසලතා අතර පවතින සුවිශේෂී කුසලතා කාණ්ඩයක් ලෙස මෘදු කුසලතා (Soft Skills) හැඳින්විය හැකිය. සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වන විට මෙන්ම රැකියා ස්ථානය තුළ කටයුතු කරන විටත් මෘදු කුසලතා ඔබට වැදගත් වෙන්නෙ ඇයි?.

පුද්ගලයාට තමන්ව හඳුනා ගනිමින් තම කටයුතු හසුරුවා ගැනීමටත්, අන් අය අවබෝධ කර ගනිමින් ඔවුන් සමග සාර්ථකව කටයුතු කිරීමටත් එමෙන්ම අවස්ථාවට ගැළපෙන නිවැරදි තීරණ ගැනීමටත් හැකි වන්නේ මෙම මෘදු කුසලතා තුළිනි. ඒ අනුව රැකියාවකට ඇතුළත් වීමේ දී අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද වැදගත් සාධක වුවත් රැුකියාවක සාර්ථකව රැු`දී සිටිමින් එහි කොතෙක් ඉදිරි දියුණුවක් අත්කර ගන්නවාද යන්න තීරණය වන්නේ ඔබ ගොඩනගා ගන්නා මෘදු කුසලතා මට්ටම අනුවයි.

 

රැකියාවක සාර්ථකත්වයට හේතු වන මෘදු කුසලතා

මෘදු කුසලතා පවතින්නේ පුද්ගලයාගේ ඇතුලාන්තය තුළයි. එබැවින් නිතැතින්ම එය පුද්ගල චරිත ස්වභාවය හා පෞරුෂ සාධක සමග බැඳී පවති. ඒ අනුව පුද්ගලයකුට තම පුද්ගලික ජීවිතය තුළ මෙන්ම රැුකියාව තුළත් සාර්ථකත්වයට පත්වීම සඳහා වැදගත් මෘදු කුසලතා කිහිපයක් ලෙස සන්නිවේදන කුසලතා, කණ්ඩායමක් සමග වැඩ කිරීමේ හැකියාව, තීරණ ගැනීමේ සහ ගැටලූ විසදීමේ හැකියාව, නායකත්ව කුසලතා, චිත්තවේගීය බුද්ධිය, මානසික නම්‍යශීලිත්වය සහ අනුගතවීමේ හැකියාව, නිර්මාණශීලි චින්තන හැකියාව, කාල කළමනාකරණ හැකියාව, සුභවාදී චින්තනය, වැනි මෘදු කුසලතා දැක්විය හැකිය.


 

රැකියාවකට මෘදු කුසලතා මෙතරම් වැදගත් වන්නේ ඇයි?

තමන් කුමන රැකියාවක නිරත වුවද මිනිසුන් සමග සම්බන්ධ වන්නට සිදු වේ. ඒ අනුව තමන්ගේ රැුකියාවට අදාළව ආයතනිකවත් ඉන් බාහිරවත් ගොඩනගන සියලූ සබඳතාවල සාර්ථක-අසාර්ථක බව මුළුමනික්ම පාහේ රඳා පවතින්නනේ තමන් තුළ පවතින මෙම මෘදු කුසලතා මට්ටම මතයි.

ආයතනයක පවතින තාක්ෂණය ඇතුළු සියලූ භෞතික සම්පත් සඳහා විකල්ප ඉදිරිපත් විය හැකිය. නිදසුනක් ලෙස යම් නිෂ්පාදන ආයතනයක පවතින තාක්ෂණය විවිධ ක‍්‍රම මගින් පිටපත් කරගෙන තවත් ආයතනයකට අවශ්‍ය පරිදි යොදා ගත හැකිය. එහෙත් එසේ කළ නොහැකි එකම ආයතනික සම්පත වන්නේ මානව සම්පතයි. මිනිසා ආයතනයකට සම්පතක් වන්නේ ඔහු/ඇය තුළ පවතින, දැනුම, ආකල්ප, හා කුසලතා මට්ටම මතයි. රැුකියාවක් කිරීමේ දී අවදානම් සහිත මෙන්ම ගැටලූකාරී අවස්ථා සඳහා මුහුණ දීම, විශේෂ වැදගත්කමකින් යුත් තීරණවලට එළඹීම වැනි අවස්ථා නිරන්තරයෙන්ම උදා විය හැකිය. එවැනි අවස්ථාවලට සාර්ථකව මුහුණ දීමේ තීරණාත්මක සාධකය වන්නේ නායකත්වය, තීරණ ගැනීම හා ගැටලූ විසදීම, නිර්මාණාත්මක සීමාවෙන් එහා සිතීමට ඇති හැකියාව වැනි මෘදු කුසලතාවන්ය.


 

රැකියාවක් සඳහා අවශ්‍ය ප‍්‍රමාණයටත් වැඩි සුදුසුකම් තිබුණ ද රැකියාවක් නොලබන පිරිස් බොහෝ දැකගත හැකිය. එසේ වීමට හේතුව කුමක්ද?

මෙය සමාජයේ විශේෂ හා ඉක්මන් අවධානයක් යොමුවිය යුතු ගැටලූවකි. මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපාන්නේ රැකියා අයදුම්කරුවන් තුළ මෘදු කුසලතාවල පවතින අඩුපාඩුවයි. ඒ අනුව ඔබ තුළ කවර තරමක අධ්‍යාපන සුදුසුකම් පැවතිය ද ඒ සියල්ල අර්ථ ගැන්වෙන්නේ ඔබ තුළ පවත්නා මෘදු කුසලතා මට්ටම අනුව බව පැවසිය හැකිය. ඔබ තවමත් සුදුසු රැුකියාවක් සොයමින් සිටින කෙනෙක් නම් මෙම කරුණ වෙත විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත්ය.

අතිශය සංකීර්ණ වූ අනාගත රැකියා ලෝකය තුළ මිනිස් ශ‍්‍රමයෙන් කර ගත හැකි බොහෝ කාර්යයන් සිදු වනුයේ තාක්ෂණය භාවිතයෙන් බව ඉතා පැහැදිලිය. එම සංකීර්ණ වැඩ ලෝකය තුළ සේවකයාට යම් ඉල්ලූමක් හා වටිනාකමක් ලැබේ නම් එය මුටමනින්ම පාහේ රඳා පවතිනුයේ සේවකයා තුළ පවතින මෘදු කුසලතාවන්ගේ මට්ටම මතයි.


 

මෙම මෘදු කුසලතා ඉගෙන ගත හැකිද?

මෘදු කුසලතා ඉගෙන ගැනීමත්, සංවර්ධනය කිරීමත් නිතැතින්ම කළහැකිය. එහෙත් එය රඳා පවතිනුයේ පුද්ගලයාගේ උනන්දුව හා කැපවීම මතයි.


 

මෘදු කුසලතා සංවර්ධනය කළ හැක්කේ කෙසේද?

මේ සඳහා මුලින්ම ඔබ මෘදු කුසලතා පිළිබඳ හඳුනා ගෙන රැුකියා ලෝකය තුළ ඒ සඳහා ඇති වැදගත්කම මෙන්ම රැුකියාවකට ඇතුලත් වීමට හෝ දැනට කරන රැුකියාවේ ඉදිරි දියුණුව සඳහා එහි ඇති වැදගත්කම අවබෝධ කර ගත යුතුය. එම වැදගත්කම නිවැරදිව හදුනා ගැනීමෙන් මෙම මෘදු කුසලතා සංවර්ධනය සඳහා ඔබ තුළ අභ්‍යන්තර පෙළඹ වීමක් ඇති වනු ඇත.

ඉන්පසු මේ සඳහා ඔබ තුළ ඇති මානසික බාධාවන් ඉවත් කිරීම කළ යුතුය. එනම් මේ සඳහා පවතින බොහෝ බාධා පවතින්නේ තමන් විසින් ගොඩනගා ගෙන ඇති තම සිතුවිලි ලෝකය තුළ බවයි. තමන් සිතන දෙය සැමවිටම නිවැරදිය, අලූත් දේ ඉගෙනීමෙන් පලක් නැත, වෙනස් වීමට ඇති අකමැත්ත වැනි සිතුවිලි මෙලෙස පවතින මානසික බාධාවන්ය. එබැවින් මෘදු කුසලතා වර්ධනයට පෙර ඒ සඳහා තමන් තුළ පවතින මෙවැනි බාධා හොඳින් හදුනා ගෙන ඒවා ක‍්‍රමයෙන් ඉවත් කරගත යුතුය. ජීවිතයේ වෙනස් වීම සඳහා නැඹුරුවක් ඇති කර ගැනීම, අලූත් දේ ඉගෙන ගැනීමට කැමැත්තක් ඇතිකර ගැනීම, ජීවිතයට ඉදිරි දැක්මක් ගොඩනගා ගැනීම, ලෝකය යනු තමන්ට සිතෙන වපසරිය පමණනක් නොවන බව අවබෝධ කර ගැනීම, සිතීමට මෙන්ම ක‍්‍රියාත්මක වීමට ද ජීවිතය තුළ පෙළඹීමක් ඇති කර ගැනීම ආදිය මේ සඳහා විසදුම් ලෙස අනුගමනය කළ හැකිය.

අදාළ පොත් පත් පරිශීලනය කර ගනිමින්, අභ්‍යාසයන්හි නිරත වෙමින්, පුහුණු අවස්ථා සඳහා යොමු වෙමින් මෘදු කුසලතා සංවර්ධනය සඳහා කටයුතු කළ යුත්තේ ඉන් අනතුරුවය. මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් ඇත. එනම් මෘදු කුසලතා ඉගෙනීම හා සංවර්ධනය යනු ජීවිත කාලය පුරා විහිදී යන නොනවතින ඉගෙනුම් ක‍්‍රියාවලියක් බවයි. එතරම්ම ඉගෙනීමට දේ මේ තුළ ඇත. ඔබ විසින් කළයුතු වන්නේ මෙහි ඇති වැදගත්කම අවබොධකර ගනිමින් හැකිතාක් තමන් තුළ මෙම කුසලතා වර්ධනය සඳහා උත්සුක වීමයි. ඔබ තුළ මෙම මෘදු කුසලතා සංවර්ධනය වන ප‍්‍රමාණයට සාපේක්ෂව ඔබට ඔබේ රැුකියාවේ කටයුතු වඩාත් පහසු වෙන් කර ගැනීමට හැකි වන අතර ඔබේ රැුකියාවෙන් ඔබේ ජීවිතයට ලැබෙන ආලෝකය ද තෘප්තිමත් භාවය ද ඉහළ නැංවෙනු ඇත.

 

 


RECOMMEND POSTS