කුරුලෑ සමනයට



ස්ත්‍රී පුරුෂභාවය කුමක් වුවද කායිකව මෙන්ම මානසික පීඩාවිදින රෝගී තත්ත්වයකි කුරුලෑ. නව යොවුන්විය ආරම්භයත් සමඟ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්වීම කුරුලෑ ඇතිවීමට ප්‍රධානම හේතුවකි.

කෙසේ නමුත් ඕනෑම වයසක පසුවන්නෙකුට කුරුලෑ මතුවිය හැකි අතර ආයූර්වේදයේ එය පෙන්වා දෙන්නේ සමේ තෙල් ස්වභාවයෙහි වැඩිවීම, ලේ ධාතුව දූෂණය වීම, ශරීරයෙහි උෂ්ණ ස්වභාවය වැඩිවීම වැනි තත්ත්වයන් කුරුලෑ ඇතිවීමට බලපෑ හැකි බවය.

ප්‍රතිකර්ම

  • සියඹලා ඇටයක් ඇල්දියෙන් ගලගා කුරුලෑ ඇති තැන්හි ටික දිනක් ආලේප කිරීමෙන් කුරුලෑ තත්ත්වයන් පාලනය වේ.
  • කලාදුරු අලයක් ඇල්දියෙන් උරච්චිකර ගැල්වීමෙන්ද කුරුලූ සුවවේ.
  • කුරුලෑ පැසවා ඇති තත්ත්වයේදී සර්වවිෂාදී තෛලය මදක් රත්කර පුළුන් කඩක ආධාරයෙන් කුරුලෑ මත දින කිහිපයක් තැබීමෙන්ද සුවය ලැබේ.
  • පරිප්පු මිටක් පෙගෙන්නට තබා හොඳින් බ්ලෙන්ඩ් කර ආලේප කිරීමෙන් කුරුලෑ මෙන්ම කුරුලෑ ආශ්‍රිතව ඇතිවන ලප කැලැල් ආදියද ඉවත්වේ. මුහුණ පැහැපත් වේ.
  • ප්‍රතිකාර කළද සුව නොවනා කුරුලෑ තත්ත්වයේදී බාහිර ගැල්වීම් වලට අමතරව ශරීර අභ්‍යන්තරිකව සිසිල්වීම ලබාගැනීමට ප්‍රතිකාර ලබාදීම ඉතාම අත්‍යාවශ්‍යය.
උපදෙස් :- ශ්‍රි ලංකා ආයූර්වේද සංස්ථාවේ හිටපු ජේෂ්ඨ ආයූර්වේද
               වෛද්‍ය  රම්‍යා තෙන්නකෝන්
සටහන :- අසුන්තා එදිරිසූරිය

 


RECOMMEND POSTS