ආලියාගේ අලුත් පානය



බොලිවුඞ් නිළි ආලියා බාත් පුවත් මවන්න සුරූපිනියකි.

රංගන කටයුතුවලදී පමණක් නොව, රුව රැක ගනිමින් නිරෝගීව සිටින නිළියක ලෙස ඇය සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ජනප්‍රිය චරිතයකි.

26 හැවිරිදි ආලියා මේ වනවිට ‘සදාක් 2’ චිත්‍රපටයේ රංගන කටයුතුවල නියැලෙමින් දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ සුන්දර ඕටී පළාතේ රැඳී සිටී.

උදෑසන කෝපි පානය කිරීමට පුරුදු වී සිටි ආලියා දැන් කෝපි වෙනුවට වෙනත් නැවුම් පානයකට හුරු වී ඇත.

ආලියා මේ බව ඇගේ රසික රසිකාවියන්ට පැවැසුවේ සමාජ ජාල ඔස්සේ වීඩියෝ පණිවුඩයක් ද එක් කරමිනි.

‘මම උදේ කෝපි බීම නැවැත්තුවා. දැන් අලුත් පානයක් මගේ හිස් බඩට එකතු වෙනවා. ඒක බොහොම සරල පානයක්.’ ආලියා ඇගේ වීඩියෝ සටහනින් පවසයි.

මේ සරල පානය උණු වතුර සහ දෙහි මිශ්‍රණයකි.

නිරෝගීව සිටින්න, සිරුරේ බර ගැන සිතන ලොව පුරා බොහෝ දෙනෙක් මෙම පානය ප්‍රිය කරන බව ද ආලියා සිට වීඩියෝව හරහා කියයි.

දෙහි මිශ්‍ර උණු වතුර පානයෙන් ලැබෙන වාසි මොනවාද

සිරුරේ විස ඉවත් කරයි. දෙහි මිශ්‍ර කළත් නැතත් උදෑසන හිස්බඩ උණු වතුර පානය මගින් සිරුරේ විස ඉවත් කෙරෙයි.

සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිවෙයි. උදෑසන හිස් බඩ වතුර පානයෙන් සිදුවන්නේ සිරුරේ නැවුම් බවක් ඇතිවීම සහ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩිවීමය.

බර අඩු වෙයි. උණු වතුර සමඟ දෙහි පානයෙන් බර අඩු වෙයි. දෙහිවල ඇති ප්‍රතිඔක්සිකරණ ගුණය මේ සඳහා උපකාරී වෙයි.

සම නිරෝගී වෙයි. දෙහි විටමින් සී වලින් බහුලය. සම නිරෝගී තබා ගැනීමට විටමින් සී උදව් වෙයි. ඒ විතරක් නොවේ ප්‍රතිශක්තියත් වර්ධනය වෙයි.

ආලියාගේ වීඩියෝව නැරැඹීමට - https://youtu.be/YgJXhrSxa7Q

ලුසිත ජයමාන්න
එන්.ඩී.ටීවී. ෆූඞ්
වෙබ් අඩවිය ඇසුරිනි


RECOMMEND POSTS