ෆින්ලන්තයේ අයිස් හෝටලය



ජනප්‍රිය මාලා නාටකයක තේමාවකට අනුව නිර්මාණය කර ඇති හෝටලයක් පිළිබඳව ෆින්ලන්තයෙන් තොරතුරු වාර්තා වෙයි. එම හෝටලය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ අයිස් සහ හිමවලින්.

ෆින්ලන්තයේ හෝටල් සමාගමක් සහ අදාළ මාලා නාටකයේ නිෂ්පාදන සමාගම එක්ව මෙම හෝටලය ඉදිකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබුණි

මෙම හෝටලය නිර්මාණය කිරීම සඳහා අයිස් කිලෝ හාරලක්ෂයක් පමණ යොදාගෙන තිබේ.

රුසියාව, පෝලන්තය, ෆින්ලන්තය, යුක්‍රේනය ඇතුළු රටවල් කිහිපයක නිර්මාණ ශිල්පීන් 12 දෙනෙකු මෙම නිර්මාණයට දායකවී ඇති බවත් සඳහන් වෙයි.

ජනප්‍රිය මාලා නාටකයක එන චරිත රැසක් අයිස් සහ හිමවලින් නිර්මාණය කර ඇති අයුරු එහිදී දැකගත හැකියි.

ටෙලි මාලාවේ ජනප්‍රිය ස්ථානයක් වන ග්‍රේට් සෙප්ට් ඔෆ් බායිලර් හිදී විවාහ දිවියට පිවිසීමටත්, හිමෙන් මිදීගිය ෆ්‍රෝසන් වින්ට්ර්ෆෙල් හි රාත්‍රී ආහාරයක් රසවිදීමටත්, අයිස්වලින් සෑදූ වීදුරුවක වයින් රසවිදීමටත් එහි පැමිණෙන පිරිසට අවස්ථාව හිමිවෙයි.

( තිළිණි ද සිල්වා )

කලීජ් ටයිම්ස් අැසුෙරනි.


RECOMMEND POSTS