හොංකොං පොලිස් නිලධාරියා වීරයෙක්



දිවි නසා ගැනීමට උත්සාහ කළ පාකිස්තාන ජාතිකයකු කතාබහෙන් සන්සුන් කර, ඔහුගේ දිවි බේරා ගැනීමට සමත් වුණු හොංකොං හි තරුණ පොලිස් නිලධාරියකු ගැන මේ වනවිට අන්තර් ජාලයේ වීරයකු වී ඇත.

ඉෆ්සාල් සෆාර් නමැති එම හොංකොං පොලිස් නිලධාරියා ද පාකිස්තාන සම්භවයක් ඇති අයෙකි.

දිවි නසා ගැනීමට තැත් කළ පාකිස්තානුවා, මීටර් 20 ක් උස දොඹකරයකට නැග පනින බවට තර්ජනය කර ඇත්තේ උර්දු බසිනි. තමා සිත් තැවුලට පත්වුණු හේතුව ද එම පාකිස්තානුවා පවසා ඇත්තේ උර්දු බසිනි.

හොඳින් උර්දු බස පුළුවන් අයකු වූ පොලිස් නිලධාරී ඉෆ්සාල් සෆාර් වහා එහි පැමිණ පාකිස්තාන ජාතිකයා සන්සුන් කර බිමට බස්වා ගෙන ඇත්තේ රැස්ව සිටි අයගේ අත්පොලසන් හඬ මැද යැයි ද වාර්තා වේ.

බිමට බැස්ස පාකිස්තානුවා පසුව රෝහල් ගත කෙරුණි. ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙන අයකු බව ද පැවැසෙයි.

හොංකොං පොලිසි සමන්විත වී ඇත්තේ චීන ජාතික නිලධාරීන්ගෙනි. පාකිස්තාන සම්භවයක් ඇති ඉෆ්සාල් සෆාර් හොංකොං පොලිස් සේවයට බැඳී ඇත්තේ ‘ජෙම්ස් ස්ටෝන්’ නමැති නවක නිලධාරීන් බඳවා ගැනීමේ නව වැඩසටහන යටතේය.

ඉෆ්සාල් සෆාර් කළ එම වීර ක්‍රියාව සම්බන්ධයෙන් මේ වනවිට ඔහුට සුබ පැතුම් ගලා එමින් පවතින බව හොංකොං පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

(බී.බී.සී.)


RECOMMEND POSTS