හිසක් වැනි පිළිකාව ඉවත් කරයි



මොරොක්කෝ ජාතික කුඩා ගැහැණු දරුවකුට දුර්ලභ ගණයේ පිළිකා රෝග තත්ත්වයක් හිසේ වැළඳි ඇති අතර දෙමාපියන්ට වත්කමක් නොමැතිකමින් ශල්‍යකර්මයක් සිදු කරගැනීම නොහැකිව පීඩා විඳීමින් සිටි බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

හිසේ වැළදී තිබු පිළිකාව දරුවාගේ හිස තරම් ප්‍රමාණයට වර්ධනය වී තිබු බව වාර්තා වේ.

දරුවා පිළිබඳව දැනගත් අජ්මාන් නුවර පාලක සහ කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රී, ෂයික් හුමායිඩ් බින් අල්-නුයිමි පිළිකාව ඉවත් කිරීමේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් ලබාදීමට කටයුතු කළ බව වාර්තා වේ.

මෙරොක්කෝ බලධාරීන්ට කථා කර දරුවාට නිවසක් සහ පියාට රැකියාවක් ලබාදීමට අවශ්‍ය කටයුතුද අජ්මාන් පාලකයා කර ඇති බව වාර්තා වේ. 

“මොරොක්කෝ පත්තරය කියවද්දී තමයි දරුවා පිළිබඳව මමදැක්කේ, දරුවාගේ රෝගී තත්ත්වය පිළිබඳව ෂයික් හුමායිඩ් බින් අල්-නුයිමි දැණුවත් කිරීමට කටයුතු කළා. එතුමා මෙරොක්කෝ තනාපති කාර්යාලයට කථා කරලා අවශ්‍ය තොරතුරු ලබාගත්තට පස්සේ දරුවාගේ ශළ්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය මුදල් ලබාදීමට තීරණය කළේ.’’ යනුවෙන් අජ්මාන් පාලකයාගේ පෞද්ගලික ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ශල්‍යකර්මය සාර්ථක වු බවත් දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බව වෙබ් අඩවිය වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS