හිටපු අගමැති කැමරන්ගේ පූසා පහර දෙන්න හදලා



ව්‍යාපාර ගනුදෙනුවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසට පැමිණි ජපන් මිට්සුබිෂි සමාගමේ ප්‍රධානී කසුඕ ඔකමෝටෝට, බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඬේවිඞ් කැමරන්ගේ පූසා ලැරී පහරදීමට උත්සාහ ගත් බව වාර්තා වේ.

මිට්සුබිෂි සමාගමේ ප්‍රධානී කසුඕ ඔකමෝටෝ, ලන්ඩන්යේ අංක 10 ඩවුනින් වීදියේ පිහිටි අගමැති නිල නිවසට පැමිණියේ වත්මන් බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ හමුවී සාකච්ඡා පැවැත්වීමටය.

ඬේවිඞ් කැමරන් අගමැති ධුරයෙන් ඉවත් වී, අගමැති නිල නිවසින් පිටත්ව යද්දී, ලැරී දමා ගියේය. ලැරී ආදරයෙන් රැක බලා ගැනීම සිදු කරනු ලබන්නේ වත්මන් අගමැතිනී තෙරේසා මේ විසිනි.

ලැරී කසුඕ ඔකමෝටෝ ට පහර දීමට තැත් කර ඇත්තේ ඔහු ලැරී දැක ඌ සුරතල් කිරීමට උත්සහ කළ අවස්ථාවේදී යැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS