සෙල්ෆි ඡායාරූපයේ අවුලක්



තම ආදරවන්තයා සහ ආදරවන්තිය සමඟ  ගන්නා සෙල්ෆි ඡායාරූප ෆේස්බුක් සහ ට්විටර් වැනි සමාජ ජාල සේවා ඔස්සේ ප්‍රසිද්ධ කිරීම බහුලව දකින්න ලැබේ. 

එසේ ගත් සෙල්ෆි ඡායාරූපයක ‘අවුලක්’ හේතුවෙන් එය මේ වනවිට කාගේත් කතාබහට හේතුවක් වී අවසන්ය.

ඇන්ඩි නැමැති පෙම්වතා සිය ආදරණීය පෙම්වතිය යැයි ‘කමෙන්ට්’ කරමින් සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කළ එවම සෙල්ෆි ඡායාරූපය විදෙස් පුවත් සේවාවල අවධානයට ද ලක් වී අවසන්ය.

ඇන්ඩි එම ඡායාරූපය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු පැය 48 ක් ගතවෙද්දී, 46,000 ක පිරිසක් ඒය නරඹා අදහස් දක්වා ඇතැයි ද වාර්තා වේ.

ඡායාරූපයේ ඇති ‘අවුල’ පෙම්වතියගේ මුහුණ පසුපස ඇති කණ්ණාඩියෙන් පෙනෙන අයුරු සම්බන්ධයෙනි. පෙම්වතා ෆෝන් එකේ කැමරාව දෙසට මුහුණලා සිටින නමුත් කණ්ණාඩියෙන් පෙනෙන අන්දමට පෙම්වතිය කණ්ණාඩිය දෙසට මුහුණ ලා සිටින්නීය. එසේ නම්, ඇය මෙම ඡායාරූපයට මුහුණ පෑවේ කෙසේදැයි යන්න ගැටලුවකි.

(එන්.ඩී.ටීවී ඇසුරිනි)

 


RECOMMEND POSTS