සෙල්ලම් බඩු එක්ක ප්‍රවෘත්ති කියලා



ලාහෝරයේ ජලයෙන් යටවුණු මාර්ගයක, කුඩා දරුවන් ජලයේ විනෝදවීමට යොදා ගන්නා, හුළං පිරවූ පාවෙන පිහිනුම් තටාකයක නැගී, තවත් පාවෙන සෙල්ලම් බඩු තොගයක් ද වරකරගෙන, පුවත් ඉදිරිපත් කරන පුවත් නිවේදකයකුගේ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

මෙසේ පුවත් ඉදිරිපත් කරන්නේ ‘දුන්යා’රූපවාහිනී පුවත් සේවයේ වාර්තාකරුවෙකි. ලාහෝර් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවත් ජලය බැස නොයන්නේ අපවහන කානු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසා බවත් වාර්තාකරු පැහැදිලි කරයි.

(එන්.ඩී.ටීවී.)

වීඩියෝ දසුන් නැරැඹීමට ...

https://www.facebook.com/dunyanews/videos/2204920332891993/


RECOMMEND POSTS