සූරපප්පා කතාවෙත් ‘කොරෝනා’ ඉන්නවා



චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වන මාරක වයිරසය කොරෝනා වර්ගයේ වයිරසයක් වන අතර, එය නම් කර ඇත්තේ ‘නව කොරෝනා’ වයිරසය යනුවෙනි.

‘කොරෝනා වයිරස්’ යන නම ලොව අතිශය ජනප්‍රිය ඇස්ට්‍රික්ස් චිත්‍රකතා පොත් මාලාවේ එක් කතාවක දකින්න ලැබේ. ඇස්ට්‍රික්ස් කතා මාලාව මෙරට අතිශය ජනප්‍රිය වූයේ සිරස නාළිකා ‘සූරපප්පා’ ලෙසය.

2017 වසරේ එළිදැක්වුණු ‘ඇස්ට්‍රික්ස් ඇන් ද චැරියට් රේස්’ නමැති එම ඇස්ට්‍රික්ස් කතාවේ කොරෝනා වයිරස් ලෙස යන නමින් හැඳින්වෙන්නේ නපුරු රෝම සෙල්දාදුවෙකි. ‘ඇස්ට්‍රික්ස් ඇන් ද චැරියට් රේස්’ චිත්‍රකතාවට පාදක වන්නේ ඇස්ට්‍රික්ස් ඇතුළු ගෝල් දේශයේ වීරයෝ, රෝමානු සොල්දාදුවන් සමඟ අශ්ව කරත්ත සටනකට එක් වන අයුරුය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS