සුරතල් සතුන්ට දේව මෙහෙයක් !



සුරතල් සත්ත්වයින් වෙනුවෙන් පැවති දේව මෙහෙයක් පිළිබඳ පේරු රාජ්‍යයෙන් වාර්තාවේ.

"බ්ලෙසින්ග් ඔෆ් දි ඇනිමල්ස් "ලෙසින් ප්‍රකට මෙම විශේෂ දේව මෙහෙයට ලීමා අගනුවර වාසය කරන කතෝලික බැතිමතුන් සෑම වසරකදීම නොවරදවා  සිය සුරතලුන් සහභාගී කරවන බවයි විදෙස් වාර්තා පවසයි.

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර  පිහිටි ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්ථානයේදී සුරතල් සතුන් වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය වන විශේෂ දේව මෙහෙය මෙවරද පැවැත්විය.

සුරතල් සතුන්ට ආශීර්වාද කිරීම පිණිස එය පැවැත්වෙන බව සඳහන් වෙයි.ඒ සඳහා සිය සුරතලුන් සහභාගී කරවීමට පේරු වැසියන් කටයුතු කළේය.

බදාදා පැවති උත්සවය වෙන්ව තිබුණේ සුනඛ සුරතලුන් සඳහාමයි.

එමෙන්ම සිය  සුරතලුන් සමග පැමිණෙන කාහටත් විනෝදයෙන් කාලය ගත කිරීමට හැකි වටපිටාවක් එහි නිර්මාණය කර තිබුණි.

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS