සුනඛ හිතකාමි භෝජනාගාරය



සුනඛයින්ට ප්‍රියතාවයක් දක්වන පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත වූ හෝජනාගාරයක් පිළිබඳව ජපානයේ ටෝකියෝ නගරයෙන් වාර්තා වේ.

ජපානයේ බොහෝ නිවෙස් තුළ සුනඛයින් ඇතිදැඩි කිරීමට අවකාශයක් නොමැති වීම හේතුවෙන් එවැනි ආපනශාලා ජපානයේ පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජපානයේ ඉතා උසස් තත්ත්වයෙහිලා සැළකෙන සුනඛ වර්ගයක් වන  මමේ ෂීබා ("Mame Shiba") වර්ගයට ඇලුම් කරන්නන් නැරඹිය යුතුම ස්ථානයක් බවට ටෝකියෝ නගරයේ මෑතකදී විවෘත කළ ආපන ශාලාවක් පත්ව තිබේ.


දිනකට 300ක පමණ පිරිසක් ආපනශාලාව අසළ දිගු පෝලිමේ ඊට පිවිසීමට සඳහා ප්‍රවේශ පත් ලබාගැනීම වෙනුවෙන් රැඳී සිටියි.

ඔවුන් පිළිගැනීම සඳහා ආපන ශාලාව සුනඛ පැටවුන් 12 දෙනෙකු රඳවා සිටියි.

ජපානයේ ටෝකියෝ නගරයේ මෙම නව ආපනශාලාව විවෘත කළේ 2017 වර්ෂයේදී විවෘත කළ මෙහි පළමු වැන්නෙහි සාර්ථකත්වය හේතුවෙනි

ජපානයේ බොහෝ නිවැසියන්ට නිවෙස් තුළ සුනඛයින් ඇතිදැඩි කිරීම සඳහා ඉඩකඩ නොපැවතීම හේතුවෙන් මෙවැනි ආපනශාලාව පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රිය බව මෙහි  ප්‍රධානියා ප්‍රකාශ කර තිබිණි.

( තිළිණි ද සිල්වා )
ගාඩියන් ඇසුරෙනි

RECOMMEND POSTS