සැමියාගේ දෙවැනි විවාහයට පළමු බිරියගේ උදවු



තම ස්වාමිපුරුෂයාගේ දෙවැනි විවාහය සඳහා බිරිඳගේ හොදම යාළුවා විවාහ කර ගැනීමට උදව් කල ඊජිප්තු කාන්තාවක් පිළිබදව වාර්තා වන බව Al Mesryoon පුවත්පත වාර්තා කළේය.

එම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස මෙම ප්‍රවෘත්තිය පළවී ඇති බව පුවත්පත සඳහන් කර ඇත.

ඕලා මුතාදී නම් කාන්තාව ඇගේ ස්වාමිපුරුෂයාගේ දෙවැනි විවාහය සඳහා ඇගේ හොඳම මිතුරිය යෝජනා කර ඇති අතර විවාහය සිදුවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ විවාහයට සුභ පතා ඇති බව වාර්තා වේ.

“මගේ මහත්තයා මා එක්ක දෙවැනි විවාහය ගැන කථා කළා, බහු විවාහය පිළිබඳව සමාජයේ තියන ඍණාත්මක ආකල්පය නිවැරදි කරන්න ඕන නිසා මගේ හොඳම මිතුරිය වන සමාර් මම මගේ ස්වාමිපුරුෂයට යෝජනා කළා.’’ යනුවෙන් ඊජිප්තු කාන්තාව විවාහ වු දෙදෙනාට සුභ පතමින් ඇගේ ටුවිටර් සමාජ ජාල ගිණුම හරහා විවාහය සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.

ස්වාමිපුරුෂයා ටුවිටර් සමාජ ජාල  ගිණුම හරහා දෙවතාවක් අදහස් පළ කර ඇති බව වාර්තා වන අතර පළමු වතාවේදි විවාහය සම්බන්ධයෙන්ද, දෙවන වතාවේදී පළමු බිරිඳ සමාජයට වැරදි පුර්වාදර්ශයක් ලබාදී ඇති බවට ටුවිටර් සමාජ ජාල පරිශීලයන් එල්ල කරනචෝදනාවෙන්ඇයව ආරක්ෂා කර ගැනීමටඇයටස්තූතිය පළ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS