සමේ පැහැය වෙනස් වෙලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, මරණ මංචකයේ සිටි චීන වෛද්‍යවරුන් දෙදෙනකු පසුගිය දා සුවය ලැබූ නමුත් වෛද්‍යවරුන් දෙදෙනාගේ සමේ වර්ණය සම්පූර්ණයෙන් වෙනස් වී කළු පැහැයක් ගත්තේය.

වෛද්‍ය යී ෆෙන් සහ වෛද්‍ය හියු වෙයිෆැංග් නමැති මොවුහු දෙදෙනා 42 හැවිරිදි වියෙහි පසුවෙති. මොවුන් වූහාන් නුවර මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ය. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

වෛද්‍යවරුන් දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇත්තේ පසුගිය ජනවාරියේ සිට ආසාදිත රෝගීන් වෙනුවෙන් දිවා රෑ නොබලා ප්‍රතිකාර කිරීමෙනි. දෙදෙනා රෝගී වූයේ පසුගිය පෙබරවාරි 7 වැනිදා සිටය. වෛද්‍ය යී ෆෙන් සහ වෛද්‍ය හියු වෙයිෆැංග් දෙදෙනා, වූහාන් අක්ෂි වෛද්‍ය ලී වෙන්ලියැංගේ මිතුරන් යැයි ද පැවැසෙයි.

මාරක වයිරසයක් වූහාන් නුවරින් ආරම්භ වී ඇති බවත් එය ගෝලීය වසංගතයක් වනු ඇති බවත් පළමුවෙන් අනතුරු අඟවමින්, චීන රජයේ උදහසට ලක් වූයේ අක්ෂි වෛද්‍යවරයා වන්නේ ලී වෙන්ලියැං ය. මොහු වයිරසය ආසාදනය වී මියගියේය.

පැහැපත් සුදු සමක් හිමි වෛද්‍ය යී ෆෙන් සහ වෛද්‍ය හියු වෙයිෆැංග් සුවය ලබද්දී සම්පූර්ණයෙන් අඳුරු පැහැයට හැරී ඇත්තේ වයිරසයේ බලපෑම නිසා වකුගඩු අඩපණ වී යෑමෙනි.

බීජීංහිදීය (ඬේලිමේල්)


RECOMMEND POSTS