වඳුරෝ විශ්වවිද්‍යාලයක් වටලයි



සෞදි අරාබියේ රියාද් නුවර බීෂා විශ්වවිද්‍යාලයට අයත් කාන්තා විද්‍යාලයට වඳුරන් කඩා වැදී ඇති බව වාර්තා වේ.

වඳුරන් කඩා වැදී දේශන ශාලාවලට ඇතුළු වන්නට පටන්ගෙන ඇති අතර ශිෂ්‍යාවන් භීතියට පත් වී කෑගසන්නට පටන් ගෙන ඇත.

විශ්වවිද්‍යාලය තුල වඳුරන් දුවන ආකාරය දැක්වෙන් වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිලට එක්කිරීමට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවන් කටයුතු කර ඇත.

එක් කොටසක ඇති ගේට්ටුවක් විවෘත කර තිබීම හේතුවෙන් වඳුරන් විශ්වවිද්‍යාලයට ඇතුලු වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කළ බව නිවේදනයක් නිකුත් කරමින් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS