වඳුරෝ පාසලකට කඩා වැදිලා



සෞදි අරාබියේ බිල්කාන් නගරයේ කාන්තා පාසලකට වඳුරන් රංචුවක් කඩා පැන ඇති බව වාර්තා වේ.

පාසලේ පන්ති කාමර තුල ඇති උපකරණ විසිකරමින් වඳුරන් දුවන ආකාරය දැක්වෙන් වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක් කර ඇත.

වඳුරන් පාසල් භූමිය තුල සිටීම නිසා ශිෂ්‍යාවන් භීතයට පත් වී කෑගසන්නට පටන් ගෙන ඇත.

කාන්තා පාසල් සහ විශ්ව විද්‍යාලවලට වඳුරන් කඩා පැන අවස්ථාවන් ගණනාවකදී අලාභ හානි සිදු කර ඇති අතර අධ්‍යාපන බලධාරීන් වඳුරන් පලවා හැරීමට විවිධ උපක්‍රම යොදා ගත්තත් වඳුරන් නිරන්තරයෙන් පාසල් සහ විශ්වවිද්‍යාල තුලට පැමිණෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, බිල්කාන් නගරය)


RECOMMEND POSTS