වතුර අරන් පිටියට ගිය අගමැති



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියා අගමැතිගේ කණ්ඩාම අතර විස්සයි 20 පුහුණු කි‍්‍රකට් තරගය ඊයේ (24) පැවැත්වුණේ කැන්බරා නුවරදීය. එය අපූරු තරගයක් වූ අතර, කඩුල්ලක තියුණු ජයක්  ඕස්ටේ‍්‍රලියා අගමැතිගේ කණ්ඩායමට හිමිවිය.

ඕස්ටේ‍්‍රලියා අගමැතිගේ කණ්ඩායමේ විශේෂත්වයක් තිබුණි. ඒ, එම කණ්ඩායම සැබැවින්ම අගමැතිගේ කණ්ඩායම වීමය.  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන්, කණ්ඩායමේ අතිරේක කී‍්‍රඩකයා විය. මොරිසන් කි‍්‍රකට් ලෝලියෙකි.

තම කණ්ඩායම පන්දු රකිද්දී, එක් අවස්ථාවක සිසිල් පැන් රැුගෙන පිටියට ගොස් කී‍්‍රඩකයන් දිරි ගැන්වීමට අගමැති මොරිසන් කටයුතු කළේය. එය සැබැවින්ම සුවිශේෂී සිදුවීමක් විය. හැමදාම දැකීමට නොලැබෙන සිදුවීමක් විය.

සෑම වසරකම ඔක්තෝබරයේ  ඕස්ටේ‍්‍රලියාවේ ජාත්‍යන්තර කි‍්‍රකට් තරග ආරම්භ වෙද්දී, පළමු පුහුණු තරගයට අගමැතිවරයාගේ කණ්ඩායම සහභාගී වෙයි. එය සම්ප‍්‍රදායකි.

( ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා ඇසුරිනි)

 


RECOMMEND POSTS