වංචාව කනෙන් මතු වෙයි



කුවේටයේ උසස් පාසලක ශිෂයෙක් විභාග වංචාවක් සිදුකිරීම සඳහා රැහැන් රහිත කුඩා ප්‍රමාණයේ උපකරණයක් (earphone) කන තුල සඟවා ගෙන විභාගයට පෙනී සිට ඇති අතර සුළු වේලාවකින් පසු උපකරණය කන තුල සිර වී දැඩි වේදනාවක් සමඟ ලේ ගලන්නට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

දැඩි පරිශ්‍රමයකින් පසු ශිෂ්‍යයාගේ කනට හානියක් සිදුනොවන ආකාරයෙන් උපකරණය පිටතට ගැනීමට විභාග නිරීක්ෂකයන් සමත් වී ඇත.

පාසල් තුල සිදුවන විභාග වංචා අවම කිරීමට දැඩි පියවර ගෙන ඇති බවත් ශිෂ්‍යයන් විභාග නිරික්ෂකයන් නොමඟ යවමින් තාක්ෂණික උපකරණ භාවිතා කර විභාග වංචාවන් සිදුකරන බවකුවේට් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක‍

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS